කවදහරි ඔයාලට හිතිල තියෙනවද මේ ලෝකෙ හැමෝම එකම භාෂාවක් කතා කලොත් මේ ලෝකෙ කොහොම වෙයිද කියල ?
කවදහරි ඔයාට හිතිල තියෙනවද අපි හැමෝම එකම නායකයෙක්ගෙ යටතේ පාලනය වෙන්න ඕනි කියල ?
ලෝකෙ ඉන්න හැම මිනිහෙක්ම එකම මුදල් ඒකකයක් පාවිච්චි කරන්න ඕනි කියල ඔයාලට හිතිල තියෙනවද ?
ඔයාටයි මටයි එහෙම නොහිතිලා තියෙන්න පුලුවන්. නමුත් ඉලුමිනාටීස්ල කියන්නෙ ඒ විදිහට හිතන අය... මේ ලෝකෙ අපි නොහිතින අපි නොදකින පැත්තක් දකින ඒ දේවල් පාලනය කරන කොට්ඨාසයක් තමයි ඔවුන් . එයාලගෙ මූලිකම අරමුණ තමයි මේ පෘථිවියේ ජීවත්වෙන හැම මනුෂ්‍යයෙක්ම ,
• එකම භාෂාවක් කතා කරන තාක්කල් ...... • එකම රාජ්‍යනායකයෙක්ගෙ යටතේ පාලනය වෙන තාක්කල් ....... • එකම මුදල් ඒකකයක් පාවිච්චි කරන තාක්කල් .....
ලෝකෙ ජනගහනය අඩු කිරීම
ගොඩක් පුළුල් පරාසයක විහිදෙන මාතෘකාවක් වුණත් හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදිහට සරල කරුණු කිහිපයක් ඔස්සේ මේ මාතෘකාව මං ඔයාලට පැහැදිලි කරල දෙන්නම්
( 01) මේ සංවිධානයට ඉලුමිනාටි කියන්නෙ ඇයි ?
මොකද්ද එයාලගෙ තේමාව ?
ලතින් භාශාවෙන් ඉලුමිනාටි කියන්නෙ , ආලෝකකරණයට . අදුරෙන් ආලෝකයට පැමිණි මිනිසුන් කියන අදහසින් තමයි මේ රහස්‍ය සංවිධානය තමන්ව ඉලුමිනාටීස්ලා විදිහට හදුන්වගන්නෙ .
" We are Always watching "
එහෙමත් නැත්නම්, අපි හැමවෙලේම ඔබ දිහෑ බලාගෙන ඉන්නේ කියන තේමාව ඔවුන් තුළ තියෙනවා. මුල් කාලයේදී ඉලුමිනාටීස් ල ඔවුන්ව හදුන්වාගැනීමේ සංකේතයක් විදිහට බකමූණාව පාවිච්චි කලා. නමුත් පස්සෙ කාලකදි ත්‍රිකෝණාකාර හැඩයක් තුළ නිරුපනය කරන ඇසක් මගින් ඔවුන්ව හදුන්වාගත්තා.
.........................................................
( 02 ) ඉලුමිනාටි සංවිධානය බිහිවුණේ කොහොමද ?
වර්ෂ 1776 දී ජර්මනියෙ බවේරියා කියන නගරයේ ජීවත් වෙච්චි ජර්මානු නීතිය මහාචාර්ය ඇඩම් වයිෂුප්ට් ගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණ රහසිගත සංවිධානයක් තමයි ඉලුමිනාටි කියන්නෙ .
මුලින්ම සාමාජිකයන් 06 දෙනෙකුගෙන් ආරම්භ වුණ මේ රහස්‍ය සංවිධානය අදවෙද්දි ලෝකයේ හැම රටකම ව්‍යාප්ත වෙලා තියෙනව .
ආගමික විශ්වාසයන්ගෙන් මිදිල ලෝකෙ දිහෑ වෙනස්ම විදිහටකට බලන්න මිනිස්සුන්ට හුරුකිරීම තමයි මුල්කාලීනව ඔවුන්ගේ සැලසුම වෙන්නෙ. නමුත් පස්සෙකාලකදී ඒක වෙනස් වෙනවා.
.............................................................
( 03 ) ඉලුමිනාටීස්ලාගෙ අරමුණ මොකද්ද ?
ඔවුන්ගේ විශ්වාසයන් මොනවාද ?
ජර්මනිය වගේ රටක වර්ෂ 1776 දි තිබුණෙ ආගම මුල් කරගෙන ගොඩ නැගුණු සමාජයක් . ලංකාවෙ අපිට තිබුණ ගමයි - පන්සලයි සම්බන්දය වගේ ඔවුන්ට තිබ්බෙ පල්ලිය වටා ගෙතුණු සමාජවටපිටාවක් . පල්ලියෙ පූජකයො කියන හැමදේම ඉස්මුදුනින් පිලිඅරගත්තු බහුතරයක් අතරෙ ,
ආගමට එහා ගියපුදෙයක් තියෙනව ! විද්‍යාව කියල දෙයක් තියෙනව !කියල විශ්වාස කරපු අය අතලොස්සකුත් උන්නා .
තේරෙන භාශාවෙන්ම කිව්වොත් ඉලුමිනාටීස්ලට ඕනිඋනේ
ආගම මත්තෙම නැහෙන .. කිසිම දෙයක් තර්කකරන්නෙ නැතුව ... හොයල බලන්නෙ නැතුව පිලිගන්න මිනිස්සුන්ගෙ "බ්‍රේන් වොශ් කරන්න " .
ඔවුන් විශ්වාස කලේ ලෝකයේ හැම මනුස්සයෙක්ම එකම වහලක් යට ජීවත්විය යුතුයි කියන සංකල්පය . ඒ කියන්නෙ හැම මිනිහෙක්ම එක සමාන විය යුතුයි කියන සංකල්පය .
................................................................
( 04 ) ලෝකය පාලනය කරන්න ඉලුමිනාටි සාමාජිකයන්ට පුලුවන් උණාද ?
ඉතිහාසයේ හැටියට 1776 - 1785 කියන දශකය ඇතුළත මේ රහස් සංවිධානය ජර්මනියේ දැවැන්ත පෙරළියක් කරන්න සමත් වෙලා තියෙනව කියල සදහන් . ජර්මනියෙ විතරක් නෙවේ ලෝකෙ හැම රටකම ධන කුවේරයන් , ඉහළ පැලැන්තියේ මිනිසුන් ඉතාමත් ඉක්මනින්ම මේ සංවිධානය එක්ක එකතු වෙලා තියෙනව.
මේ සිද්ධීන් නිසාම ජර්මානු පාලකයන් ඉලුමිනාටි සංවිධානයට අයත් සාමාජිකයන්ව මරාදමන්නත් දරුණු විදිහට දඩුවම් පමුණුවන්නත් පෙලඹෙනව. සංවිධානයත් තහනම් කරනව .
වසර කීපයක් ගතවෙනව ........
ඉලුමිනාටි සංවිධානය ගැනවත් ඒකෙ සාමාජිකයො ගැනවත් වැසිකතාබහක් ඇතිවෙන්නෙ නෑ . ජර්මානු පාලකයොත් හිතුවෙ දැන් ඒ හැමදෙයක්ම ඉවරඇති කියල !
කෙටිකාලීන නිහැඩියාවකින් පස්සෙ ඉලුමිනාටීස්ලා ඉන්නව කියල මුලු ලෝකෙටම ආයෙ වතාවක් දැනගන්න ලැබෙනව .. ඒ කොහොමද දන්නවද ?
" principia discordia " කියන පොතෙන්
ඉලුමිනාටීස්ල දරණ මතයන් මේ පොතේ අඩංගු වෙලා තිබුණා .
අදටත් ලෝකෙ බලවත්ම පවුල් 13 ක් විසින් මේ රහස්‍ය සංවිධානය මෙහෙයවනව කියල තමයි සදහන් වෙන්නෙ.ප්‍රායෝගික කාරණා එක්ක විශ්වාස කරන්න ටිකක් අපහසු උනත් ඒක තමයි ඇත්ත කියල ගොඩක් දෙනා තර්ක කරනව .
නිකමට හිතන්න .......,
• අපි බොන බෙහෙත් මොනාද ?
අපේ රටට කොච්චර බෙහෙත් ප්‍රමාණයක් සපයනවද ?
අපි වැඩියෙම්ම ආනයනය කරන ඖෂධ වර්ග මොනාද ?
කියල කවුරුහරි රහසිගතව දත්ත ලබාගන්නවනම් ...... අපිට ඒව ලැබෙන්න ඕනි මෙන්න මේ විදිහටයි මේ වෙලාවටයි කියල තීරණය කරන්නෙ අපි නොදන්න තවත් පාර්ශවයක් නම් ....... අනිවාර්යයෙන්ම ඒ තමයි ඉලුමිනාටීස් ලා
ඉලුමිනාටීස් ලා කියන විදියට ලෝකෙ ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක්ම තියෙන්නෙ එයාල යටතේ . උදාහරණ විදියට ගත්තොත් ,
ඖෂධ නිශ්පාදන ක්ෂේත්‍රය බැංකු ක්ෂේත්‍රය ඛනිජ තෙල් ක්ෂේත්‍රය
වගේ දේවල් දක්වන්න පුලුවන්.
කොටින්ම කිව්වොත් ඉලුමිනාටීස් ල කියන විදියට අපි කරන කියන හැමදේකම දත්ත ඔවුන් ගාව තියෙනව
ඇත්තටම ,
අපි කරන හැමදේම තවත් පාර්ශවයක් රහසිගතව බලාගෙන ඉන්නවනම් ? අපිව අධ්‍යනය කරනවනම් ? මේ ලෝකෙ අපි නොදකින තවත් එක් පැත්තක් තියෙනවනම් ????
...........................................................
( 05 ) ඉලුමිනාටි කියන්නෙ ඇත්තක්ද ?
ඉලුමිනාටි ගැන හෙලිකරන අයට මොකද වෙන්නෙ ?
ගොඩක් අය කියන දෙයක් තමයි මේ ඉලුමිනාටි සංවිධානයේ තොරතුරු ලෝකෙට හෙළිකරන මිනිස්සුන්ව සංවිධානයේ සාමාජිකයන් විසින් ඝාතනය කරනවයි කියන එක
හැබැයි ඇත්තටම එහෙම දෙයක් වෙනවනම් මේ ආටිකල් එක ලියන මමත් තව ටික කාලයකින්ම ස්වර්ගස්තවෙන්න ඕනි
මෙන්න මේ වගේ කාරණා නිසා මේ සංවිධානය ගැන පවතින කතා බොරුයි කියල අපිට හිතුණත් Dark web වගේ දේවලුත් මේ ලෝකෙ තියෙන එකේ ... ඒ ඇතුළෙ අපිට හිතාගන්නවත් බැරිතරම් දේවල් සිද්ධ වෙන එකේ ...
මෙහෙම society එකක් තිබුණත් ඒක පුදුම වෙන්න දෙයක් නෙවේ කියල මට හිතෙනව
ඉලුමිනාටි රහස් සංවිධානය ගැනත් ඉලුමිනාටීස්ලා ගැනත් ඔයාල නොදන්න දේවල් ගොඩක් මේ ලිපියෙන් දැනගන්න ඇති කියල මම හිතනව ලිපියේ අඩුපාඩු සහ ඔයාල දන්න තවත් දේවල් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න.
ආයෙමත් මේ වගේ රසවත් මාතෘකාවක් අරගෙන එනකල් ඔයාල හැමෝම පරිස්සමට ඉන්න .
( තොරතුරු - අන්තර්ජාලය ඇසුරෙනි . )
සටහන , නෙතුණි යුහංසා .

Comments