ලෝකයේ තියෙන දූපත්වලින් 25 වෙනියට ලොකුම දූපත වන්නේ ශ්‍රී ලංකාව.
ඒ කියන්නේ සාපේක්ෂව ලොකු දූපතක්. සිතියමක හොඳින් පෙන්න ඕනේ දූපතක්.
ඔයාලා දැකලා තියෙන ලෝක සිතියම් වල ශ්‍රී ලංකාව ලකුණු වෙලා තියෙන්නේ ගොඩක් පොඩියට නේද?
සමකාසන්නව පිහිටන ශ්‍රී ලංකාව ධ්‍රැවාසන්න වුණා නම් තත්වය මීට වඩා ගොඩක් වෙනස් වෙන්න තිබ්බා.
ඒකට හේතුව බහුතරයක් සිතියම් අඳින්න යොදාගන්නේ ඩිස්ටොර්ටඩ් වර්ෂන් එකක් වෙන "මර්කැප්ටර් ප්‍රක්ශේපණ" වීම.
ත්‍රිමාණ ගෝලයක්, ද්විමාන සිතියමකට පරිවර්තනය කිරීමේ මූලික ගෞරවය හිමිවෙන්න ඕනේ 16 වන සියවසේ පැරණි බෙල්ජියමේ විසූ "ජෙරාඩස් මර්කැටර්" හටයි.
ඒත් මේ මර්කැටර් ප්‍රක්ෂේපණයේ තියෙන ලොකුම අවුලක් තමයි සිතියම් වල පෙන්වන රටවල් වල ප්‍රමාණය, ඇත්ත ප්‍රමාණයට වඩා සෑහෙන්න වෙනස් වීම.
ඒක වෙන්න ලොකුම හේතුව තමයි ඇත්ත ත්‍රිමාණ ගෝලයේදී අක්ෂාංශ සහ දේශාංශ අතර පරතරය ධ්‍රැව වලට යද්දී කුඩා වුණාට, සිතියම්වල ඒ පරතරය සමකයේදී තිබුණු පරතරයම පැවතීම.
ඒකෙන් වෙන්නේ ධ්‍රැවාසන්න රටවල විශාලත්වය පමණට වඩා වැඩි වීම.
ඒ කියන්නේ සිතියම්වල තියෙන තරම් ධ්‍රැවාසන්න රටවල් එච්චර ලොකු නෑ.
පල්ලෙහා තියෙනවා ශ්‍රී ලංකාව සහ වෙනත් රටවල්/දූපත් කීපයක් මර්කැටර් ප්‍රක්ෂේපණය තියෙන සිතියමක එක එක තැන තිබ්බාම පේන විදිය.
වෙනස්ම විදියේ අත්දැකීමක් වෙයි මේක ඔයාලට. හැමෝම එක්ක මේ අත්දැකීම බෙදාගන්න එහෙනම්.
- විකුම් හර්ෂණ -








ප.ලි. මේ විදියට රට රටවල් සංසන්දනය කරපු පොස්ට් එක මේ ලින්ක් එකෙන් බලාගන්න පුළුවන්. ( https://www.facebook.com/vikum.harshana/posts/10227914938204036 )
Comments