top of page
  • Writer's pictureLakshan Gunawardhana

යකඩ කූඩු තුන

Updated: Jan 22, 2022

ජර්මනියේ මුන්ස්ටර්(Münster) නගරයේ ශාන්ත ලැම්බර්ට් දේවස්ථානය (St. Lambert's Church) ඉදිරියට පැමිනෙන්නෙකුට එහි ප්‍රධාන කොත් මුදුණේ ඔරලෝසුවට මදක් ඉහළින් එල්ලා ඇති දැවැන්ත යකඩ කූඩු 3 ක් දකින්නට ලැබේ.


මෙම යකඩ කූඩු 3 වනාහි මීට වසර 465 කට පෙර කුරිරු ආගමික විප්ලවයකට නායකත්වය දුන් විප්ලවවාදීන් තිදෙනෙකුගේ මළ සිරුරු රඳවාගෙන , ඒවා මුළු නගරයටම ප්‍රදර්ශණ කිරීමට යොදාගත් මෙවලමයි.

16 වන ශතවර්ෂයේදී, මුන්ස්ටර් නගරය පාලනය කරනු ලැබුවේ බිෂොප් ෆ්‍රාන්ස් වොන් වෝල්ඩෙක් (prince-bishop Franz von Waldeck) නම් කුමරුවෙක් විසිනි...ක්‍රිස්තියානි සම්භවයක් ඇති කතෝලිකයකු වූ වෝල්ඩෙක් කුමරු නගරයේ ජනයාට ඕනෑම ආකාරයේ ආගමක් ඇදහීමට අවසරදී , ඉතා ලිහිල් ප්‍රතිපත්තියකින් අනුගමනය කල තැනැත්තෙක් විය.ඔහුගේ මේ මට සිළුටු පාලනය නගරයේ සියලු වර්ගවල මිනිසුන්ගේ ආකර්ෂණය දිනා ගත්තේය.

වෝල්ඩෙක් කුමරුගේ නම්‍යශීලී ප්‍රතිපත්තියෙන් අභිප්‍රේරණය වූ ප්‍රතිසංස්කරණවාදීන් යැයි කියාගන්නා බොහෝ පිරිසක් ඔවුන්ගේ ඇදහිලි ආගම් වඩ වඩාත් මිනිසුන් අතරට ගෙන යාමට මේ කාලයේ ක්‍රියා කලෝය.

1555 වර්ෂයේ මුන්ස්ටර් නගරයට ලගා වූ ජොහාන් බියුකෙල්සූන් (Johan Beukelszoon) නම් ඇනබැප්තිවාදය (Anabaptist) කරපින්නා ගත් පුද්ගලයෙක් එවකට නගරයේ සිටි ඇනබැප්තිස්තවරුන් සමඟ මිත්‍රශීලී වී සිය ආගම ඉතා දැඩි ලෙස ප්‍රචාරය කිරීමට පටන් ගත්තේය.

වැඩිකල් නොගොස් ජොහාන් බියුකෙල්සූන් මුන්ස්ටර් නගරයේ බලය අල්ලාගෙන , ඔවුන්ගේ ඇදහිලිවන්තයන් නොවන අයවලුන් නිවෙස්වලින් පන්නා දමමින් , ඔවුන්ගේ දේපළද අත්පත් කර ගන්නට පටන් ගත්තේය. පොත් පත් පවා ගිනි තබමින් ගෙන ගිය මෙම දුෂ්ඨ කමින් වැඩියෙන්ම බැට කෑවේ නගරයේ කතෝලික ප්‍රජාවය.

ජොහාන් බියුකෙල්සූන් තමා මන්ස්ටර් නගරයේ පාලකයා ලෙස ප්‍රකාශයට පත් කළ අතර ඔහු විසින් නීති පද්ධතියක්ද ස්ථාපනය කර රාජකීය උසාවියක්ද ඉදි කළේය.බහු විවාහය අනිවාර්ය කරන ලද අතර, ජොහාන් විසින් භාර්යාවන් 16 දෙනෙකු කරකාර බැදගෙන සිටි බව පැවසේ.සුළු වැරදි සඳහා මරණ දඩුවම ලබා දීම සාමාන්‍ය දෙයක් වූ අතර නගරයේ වැසියන් කුසගින්නෙන් පෙළෙන්නට විය

වසරකට වැඩි කාලයක් අවනීතිය රජකරමින් ගෙන ගිය ජොහාන් බියුකෙල්සූන්ගේ පාලනයට එරෙහි වන වොල්ඩෙක් කුමරු , 1536 ජනවාරියේදී මන්ස්ටර් නගර ආපසු ලබා ගන්නේ යුධ වැදීමෙන් අනතුරුවයි.එම යුද්ධය මුන්ස්ටර් කැරැල්ල (Münster rebellion) නම් වෙයි. මෙහිදී නගර වැසියන් විසින් ජොහාන් බියුකෙල්සූන් සහ ඔහුගේ ප්‍රධාන අනුගාමිකයින් දෙදෙනා අල්ලාගෙන වධ හිංසා පමුණවා ඝාතනය කල බව පැවසේ.

ඉන්පසු ඔවුන්ගේ සිරුරු මිනී පෙට්ටියක ප්‍රමාණයේ යකඩ කූඩු වල බහා සාන්ත ලැම්බර්ට් දේවස්ථානයේ ප්‍රධාන කොතෙහි (steeple) එල්ලා තැබූහ. එම සිරුරු වල ඇටකටු වසර පණහක පමණ කාලයක් එම ස්ථානයේ ප්‍රදර්ශණය කර තිබී ඇත...ඉන්පසු ඇට කටු ඉවත් කිරීමෙන් පසු හිස්වූ එම යකඩ කූඩු අද වන විටත් එම ස්ථානයේ එල්ලා තිබෙන්නේ මුන්ස්ටර් නගරයේ සිදුවූ එම සිදුවීම (Münster rebellion) සිහිගන්වනු පිණිසය.

✿¨¯`✿ ⓟⓘⓨⓐⓢⓘ ⓚⓐⓦⓤⓛⓤⓦⓐ ✿¨¯`✿

✿¨¯`✿´¸¸.✿¨¯`✿ ✿¨¯`✿´¸¸.✿¨¯`✿¸.✿¨¯`✿¸.✿¨¯`✿

ℓιкє comment ѕнαяє

01/08/2020 | පියැසි කවුළුව - Piyasi Kawuluwa

2 views
bottom of page