නිරහංකාර වෛද්‍යවරයා..
- Lakshan Gunawardhana
- Jan 17, 2022
- 2 min read
Updated: Jan 22, 2022
හදිසි සැත්කමක් සදහා ඇමතුමක් ලද සැනින් වෛද්‍යවරයා රෝහල වෙත පැමිණියේය.

ඔහු තම ඇඳුම් මාරු කරගත් වහාම දැඩි සත්කාර ඒකකය දෙසට ඇවිද ගියේය. ඒ වන විටත් දරුවාගේ පියා කිසිවක් සිතාගත් නොහැකිව කොරිඩෝවේ එහේ මෙහේ ඇවිද යමින් සිටියේය . වෛද්යවරයා දුටු විට ඔහුගේ සිතේ තරමක කෝපයක් හටගත්තේය.
"ඇයි දොස්තර මහත්තයෝ මෙච්චර පරක්කු වුණේ? මගේ පුතාගේ ජීවිතය අනතුරේ කියල දන්නෙ නැද්ද? තමුසෙ කිසිම වගකීමක් නැතිවද වැඩ කරන්නේ.? දරුවාගේ පියා මැසිවිලි නගන්නට විය. " ඇත්තටම මට කණගාටුයි, නමුත් ඔබ මෙහි එනවිට මම රෝහල තුළ සිටියේ නැහැ. දුරකතන ඇමතුම ලැබුණු ඉක්මනින් තමයි මං ආවේ... දැන්, ඔබ සන්සුන්ව හිටියොත් මට සැත්කම පටන්ගන්න පුලුවන්." වෛද්‍යවරයා නිවුනු ස්වරයෙන් පිළිතුරු දුන්නේය. "සන්සුන් වෙන්න! ? ඔබේ පුතා දැන් මේ කාමරය තුළ හිටියනම්, තමුන් සන්සුන්ව ඉන්නවද? මේ පණ අදිමින් ඉන්නේ ඔබේ පුතා නම් තමුසේ මොකද කරන්නේ? " තාත්තා කෝපයෙන් පැවසුවේය. වෛද්යවරයා යළිත් සිනහවෙන්ම පිළිතුරු දුන්නේය:
" අපේ ජීවිතයත් හරියට තණ අග රැදි දිය බිදුවක් වගේ. ඉතින් මට ඔබේ දරුවාගේ ජීවිතය දිගු කළ හැකිදැයි මං හරියටම කියන්න දන්නේ නැහැ. නමුත් හැකි උපරිමයෙන් උත්සාහ කරන්නම්.. ඔබත් ඒ වෙනුවෙන් ප්‍රර්ථනා කරන්න." " මට ඒවගෙන් වැඩක් නෑ." පියා මිමිණුවේය.
පැය කිහිපයක සැත්කම අවසානයේ වෛද්යවරයා ප්රීතියෙන් පිටතට ආවේය. "දෙවියන්ට ස්තූති වේවා! ඔබේ පුතාට ප්‍රශ්නයක් නැහැ! "පියාගේ පිළිතුර පැමිණෙන තෙක් හෝ වෛද්‍යවරයා ප්‍රමාද වූයේ නැත. "ඔබට යම් ප්රශ්නයක් ඇත්නම්, හෙදියට කියන්න." යැයි පවසමින් ඔහු තම මෝටර් රියට නැගී ඉක්මනින් පිටව ගියේය.
"ඔහු එතරම් අහංකාර ඇයි? මගේ පුතාගේ තත්වය ගැනවත් ඔහු මට හරියට කිවුවේ නැහැ. ඒ වෙනුවෙන් වත් විනාඩියක් රැදී සිටීමට ඔහුට හැකිවුණේ නැහැ" වෛද්යවරයා ගැන පියා හෙදියට චෝදනා කළේය.
" ඩොක්ටර්ගේ පුතා අනතුරකට ලක්වෙලා ඊයේ මියගියා. ඔහුගේ අවසන් කටයුතු සිදුකරන අතරතුර තමයි ඩොක්ටර් ඔබේ දරුවා වෙනුවෙන් මෙහි පැමිණියේ." හෙදිය පිළිතුරු දුන්නාය.
සටහන: ඔබ යමෙකුගේ සේවය අපේක්ෂාවෙන් සිටින මොහොතක එය තරමක් ප්‍රමාද වුවහොත් ඔබ තුළ තරමක කෝපයක් නිරායාසයෙන්ම හටගනී. නමුත් හැම විටම ඔබේ කෝපය පාලනය කරගැනීමට සිත තබාගන්න. මන්ද, ඔබගේ සේවාදායකයා ඔබ වෙනුවෙන් සේවය සැපයීම උදෙසා තම අතිශයින්ම වැදගත් අවස්ථාවන් පවා මගහැර තිබෙනවා විය හැක.
සුපුන් ලක්ප්‍රිය. උපුටාගැනීමකි
Comments