top of page
Search

අවස්තාවෙන් ප්‍රයෝජන ගැනීම

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Jan 17, 2022
  • 1 min read

Updated: Jan 22, 2022

චීනයේ සොරුන් දෙදෙනෙක් බැංකුවක් මංකොල්ල කෑමට පැමිණියේය.



"කරුණාකර බිම දිගා වන්න.මේ මුදල් අයිති බැංකුවට,ඔබලාගේ ජීවිත පිළිබඳ වගකීම අයිති ඔබටය" සොරුන් පැවසීය.සියල්ලෝම බිම දිගා විය. "යමක් ඒත්තු ගැන්වීමේ හැකියාව යනු මෙයයි" අදහසක් කාවැද්දීමට ඇති හැකියාව මෙයයි.


මේ අතර එක් කාන්තාවක් කෑ මොර දෙන්නට විය."නෝනා,අපි ආවේ බැංකුව මංකොල්ල කෑමට මිසක් ඔබට අතවර කිරීමට නෙමෙයි.කරුණාකර නිශ්ශබ්ධ වන්න"වැඩිමහල් සොරා පැවසීය.ඇය නිශ්ශබ්ධ විය. "වෘත්තීය නිපුනත්වය යනු මෙයයි".ඔබ කළ යුතු දේ ගැන පමණක් අවධානය යොමු කරන්න.


සොරුන් කොල්ල කා ගෙදර ගියේය.මේ අතර උපාධිදාරී බාල සොරා මුදල් ගැනිය යුතු බව 8 වසර පමණක් සමත් වැඩිමල් සොරාට පැවසීය."ඕනෙ නෑ.අද රෑ නිවුස් වලට ගාන හරියටම කියයි".වැඩිමල් සොරා පැවසීය. "පළපුරුද්ද යනු මෙයයි".මේ කාලේ උගත් කමට වඩා පළපුරුද්ද වටින බව මින් ගම්‍ය වෙයි.


මේ අතර බැංකු කළමණාකරු ගණකාධීවරයාට පොලීසියට පැමිණිළි කරන ලෙස පැවසීය."මොහොතක් ඉන්න.අපිත් මෙතනින් කෝටි 10ක් ගමු.කලින් වතාවල අපි යටි මඩි ගහපු කෝටි 70ත් මේකටම එකතු කරල පොලීසියට කියමු ඒවා හොරු ගත් බව" ගණකාදීවරයා පැවසීය. "රැල්ල යන පැත්තට පීනනවා කියන්නෙ මේකටයි" අවාසිදායක අවස්ථාවක් වූවත් වාසිදායක අතට හරවා ගැනීම මේයයි.


"හොඳයි හොඳයි,හැම මාසෙම මෙහෙම කොල්ල කනවනං අපි ගොඩ" කළමණාකරු පැවසීය. "ආත්ම තෘප්තිය රැකියාවට වඩා වටින බව මෙයින් කියවෙයි"


පසු දින ප්‍රවෘත්ති වලට බැංකුවකින් කෝටි 100 ක් කොල්ල කා ඇති බව ප්‍රකාශ කලේය.සොරුන් කෙතරම් ගණන් හැදුවත් එහි කෝටි 20 ට වඩා සතයක්වත් නොවීය.

"අපි ජීවිත පරදුවට තියල කෝටි 20ක් සොරකම් කළා.බැංකුවේ නිළධාරීන් කිසිදු අපහසුවකින් තොරව කෝටි 80 ක් හොයා ගත්තා".සොරුන් පසුතැවිලි විය.

"බුද්ධිය රන් වලට වඩා වටින බව මෙයින් තහවුරු වෙයි"


බැංකුවේ කළමණාකරු ඉතා සතුටින් සිටින අතරතුර මෙසේ සිතීය."මමයි ගණකාදීකාර වරයයි කෝටි 10 ක් හම්බ කලා. අපි නිසා බැංකුවට පාඩු වුන කෝටි 70ත් හෙවුවා" හැම අදුරු වලාකුලකම රිදී රේඛාවක් තියෙනවා කියන්නේ මෙයයි".


මෙය උපුටා ගෙන පලකරන ලද්දකි. අවස්තාවෙන් ප්‍රයෝජන ගැනීම යනු මෙයයි.

 
 
 

Comments


bottom of page