top of page
  • Writer's pictureLakshan Gunawardhana

ලෙබනනයේ සිද්ද උන පිපිරීම

Updated: Jan 22, 2022

අද අපි කතා කරන්නේ ලෙබනනයේ සිද්ද උන පිපිරීම ගැන.


මේ පිපිරීම නිසා මන් මේ පෝස්ට් එක ලියන වෙලාව වෙනකොට මිනිසුන් 137 කගේ පමන ජීවිත අහිමි වෙලා තියනවා ; මිනිසුන් 5000 පමන් අයට තුවාල සිදුවෙලා තියනවා ; ලක්ශ 3 වගේ විශාල පිරිසකට දමන්ගේ දේපල හා වෙලා තිබෙනවා. ලොකු ජීවිත හා දේපල හානියක් සිදුවෙලා තියනවා ( 2020/08/06 3pm )


ඔයාලා විඩියෝ දැකලා ඇති මේ පිපිරුම නිරීක්ෂණය කරනකොට දේවල් කිහිපයක් වෙනවා.

මන් මේ පෝස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ පිපිරුමේ තියන රසායන සහ භෞතික විද්‍යාත්මක පැත්ත ගැන කතාකරන්න.


රසායන විද්‍යාත්මක පසුබිම

============================


ඔයාලා හැමෝම දන්නවා මේකට හේතුවුන රසායනිකය වෙන්නෙ ගබඩා කරලා තිබුන අමෝනියම් නයිට්‍රේට් ( Ammonium Nitrate ) මෙතනතී ගබඩාකරලා තිබුන අමෝනියම් නයිට්‍රේට් මෙට්‍රික් ටොන් 2750 ක් පමන ප්‍රමානයක් තමා මේ පිපිරිමට හේතු උනේ.


ඇමෝනියම් නයිට්‍රේට් කියන්නේ ; ලවණයක් ; රසායනික සූත්‍රය NH4NO3 වන ; සුදු පැහැති ස්ඵටිකමය ඝනයක්. ජලයේ ඉතාම හොදින් ද්‍රාවය වෙනවා. මෙය ඉතාම ගිනිගන්නා සුලු කෙමිකල් එකක්.


මේ ඇමෝනියම් නයිට්‍රේට් 300 °C වලට ආසන් උෂ්නත්වයකට රත් කරොත් මෙය නයිට්‍රස් ඔක්සයිඩ් සහ ජලය බවට වියොජනය වෙනවා.

ඒ වගේම ඇමෝනියම් නයිට්‍රේට් දියකල ජලය රත් කරාමත් වෙන්නෙ මේ සීන් එකම තමා.

මේ නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායුව අපි හදුන්වනවා Laughing Gas කියලා.


300 °C ට ඉහල උෂ්නත්ව වලට රත් කරොත් වෙන්නෙ මෙය නයිට්‍රජන් ; ඔක්සිජන් සහ ජලය විදිහට වියෝජනය වෙන එක.


මේ ක්‍රම දෙකෙන්ම වෙන්නෙ තාපය නිදහස් වෙන එක. ඒකනිසා අපි මේවට තාපදායී ප්‍රතික්‍රියාවක් කියලා කියනවා. මෙට්‍රික් ටොන් ගානක් වියෝජනය උනාම කොච්චර තාප ශක්තියක් නිදහස් වෙන්න ඇතිද ඔයාලම හිතලා බලන්න.


දැන් මෙච්චර විනාශකාරී දෙයක් ඇයි ගබඩාකරන් හිටියේ ????


මේ රසායනිකය ඇත්තටම ශාක වලට පොහොර විදිහට තමා භාවිත වෙන්නෙ. ශාක වලට නයිට්‍රජන් ඕන මේ නයිට්‍රජන් ශාක ලබාගන්නෙ ඇමෝනියම් අයන විදිහට. එන්න ඒ නිසා තමා මේක පොහොර ලෙස භාවිත වෙන්නෙ.


මේකේ තව භාවිතයක් තමා පුපුරන්න ද්‍රව්‍ය නිශ්පාදනය. ඒක නම් දැනටමත් ඔයාලා දන්නවා.


භෞතික විද්‍යාත්මක පසුබිම

=============================


අපි මේ පිපිරුම දිහා බැලුවම පේන දෙයක් තමා මුලින්ම ගින්නක් තමා හටගන්නෙ ලොකු ගින්නක් පස්සෙ එක පාරටම මේක ලොකු pressure wave එකක් එක්ක පිපිරිලා යනවා


මේක අපි නිකන්ම දැක්කට මේක අවස්තා දෙකක්.


Deflagration

===========

අපි දෙයක් දෙයක් ඉතාවේගෙන් දහනය වෙනවානම් කියන්නේ deflagration කියලා. මේ ලෙබනන් සිද්දියෙත් මුලින්ම වෙන්නේ ගිනි ගැනීමක්. මේ ගිනි ගැනීමෙදි කිසිම දෙයක් ශබ්දයේ වේගෙය ඉක්මවලා සිදු වෙන්නෙ නෑ. එතන වෙන්නෙ ඉතාම වෙගෙන සිදු වෙන දහන ක්‍රියාවවලියක්. ඒම නිසා අපි කියනවා Subsonic activity කියලා.

සරල උදාහරණයක් ; තුවක්කු වල වෙඩිබෙගෙත් වල සිද්ද වෙන්නෙ deflagration එකක්. වේගවත් දහනයන් ඒකෙන් තමා උන්ඩයට වේගය ලබා දෙන්නෙ.


Detonation

==========

එක පාරටම පිපිරීම වෙනකොට shock wave එකක් ඇති වෙනවා. මොකද එතන සිදු වෙන්නෙ වායූන් ශක්තිය නිදහස් කරමින් ශබ්දයේ වේගෙට වඩා වැඩි වේගෙන ගමන් කරනවා. ඒක නිසා ඒ සීන් එකට අපි කියනවා Sonic activity කියලා.


අපි දැන් detonation එක ගැන කතාකරමු. අපි මේ පිපිරීම දිහා හොදින් බැලුවොත් අපිට පේනවා ලොකු ගිනිබෝලයක් අහසට ගිහින් බිම්මලක හැඩයක් ගන්නවා ; ඒ වගේම මීදුමක් වගේ නැතිනම් විශාල වලාකුලක් වගේ දෙයක් ඇති වෙලා ඒකෙන් වේගවත් වායුදාරාවක් ඇති වෙනවා අවට තියන දේවල් වලට හානිවෙන තරම් ශක්තිමත් එකක් ( shock wave )


මේ දේවල් ඉතාම හොදින් බලාගන්න පුලුවන් න්‍යශ්ටික බෝම්බක් පුපුරායාමේදී.

ලෙබනනයේ පිපුරුම ඒ තරම් විශාල පිපිරුමක් නොවන නිසා බිම්මල් හැඩය එහෙම හොදට බලාගන්න නම් බැහැ. නමුත් මන් මේ ඔක්කොම දේවල් වෙන හැටි ගැන සරලව කියලා දෙන්නම්.


අපි මේ සන්සිදිය එකිනෙක බලමු.....


Mushroom Cloud


අපි න්‍යශ්ටියක පිපිරුමක් දිහා බැලුවම ඔයාට පේනවා ලොකු ගිනි බෝලයක් ( Fire Ball ) ඇතිවෙලා ඒක ඉහලට ගිහින් බිම් මලක් වගේ වලාකුලක් සාදනවා ඇයි මේ ?


මේ වගේ Mushroom cloud එකක් සෑදෙන එක එතා විශාල පිපිරුමක් වෙන්න ඕන Atomic Bomb එක්ක වගේ. මෙතනදි විශාල ශක්තියක් ඉතා ඉක්මනින් පරිසරයට නිදහස් වීමක් වෙන්නෙ. මේ පිපිරුමේ මධ්‍ය කොටස Atomic Bomb එකක් නම් සෙල්සියස් අංශක මිලියන ගනනක් වෙනවා. ලෙබනනයේ උන එකෙත් අධික උෂ්නත්වයක් ඇති වෙනවා ඒ අසලම ඉන්න අයට ක්ශනික මරනයක් තමා අත්විදින්න වෙන්නෙ.


මෙන්න මේ අධික උෂ්නත්වය නිසා එහි වාතයේ ඝනත්වය අඩු වෙනවා නැත්නම් ක්ශනිකව අඩු පීඩන කලාපයක් ඇති වෙනවා අන්න ඒ නිසා මේ රත් උන විශාල වායු කොටස ( Fire Ball ) අවට සීතක ඝනත්වයෙන් වැඩි වාතය මගින් ඉහලට තල්ලු කරනවා. අන්න ඒ නිසා තමයි මේක ඉහලට යන්නේ.

මේ පිපිරීම නිසා මේ මුලින්ම සෑදෙන Fire ball එක නැතිනම් ගිනිගන්න වායු කොටසට අපි කියනවා Pyrocumulus Cloud එකක් කියලා.


දැන් මේක ඉහලට ගියාම පේන්නෙ Tennis බෝලෙකට මිටක් සවි කරලා වගේ

නමුත් බෝලයක් වගේම ඒක දිගටම තියනවද නැහැ ඒක ක්‍රමයෙන් බිම්මලක හිස ( mushroom cap ) කොටසේ හැඩේට සමාන හැඩයක් ගන්නවා ඇයි ඒ ? දිගටම බෝලයක් වගේ තියෙන්නෙ තිබුනනේ


හේතුව තමා.....

මේ ඉහලට ගිය fire ball එකේ මධ්‍ය කොටසේ උෂ්ණත්වය වැඩී පිටත් කොටස් වල උෂ්නත්වය අඩුයි. උෂ්නත්වය වැඩි මධ්‍ය කොටස් වටේ උෂ්නත්වය අඩු කොටසට වඩා වේගෙන් ඉහලට ගමන් කරනවා. ඒ අතර මේ වටේ තියන උෂ්නත්වය අඩු වායු කොටස මධ්‍ය කොටස දෙසට කරකැවෙන ගමන් තමා ඉහලට ගමන් කරන්නේ. මෙන්න මේ දේවල් දෙකේ එකතුව නිසා තමයි Mushroom cloud එකක් හැදෙන්නෙ.


මන් මේ දේ කිව්වේ බොහොම සරලව. මේ සීන් එක විස්තර කරන්නේ Rayleigh - Taylor Instability ( රේලි - ටේලර් අස්ථාවය ) මගින්.

මේ තියරියෙන් පැහැදිලි කරන දේ සරලව කිව්වොත් ; ඝනත්වය එකිනෙකට වෙනස් පදාර්ථ දෙකක් ත්වරණයට ලක් වුනාම එකිනෙක ක්‍රියාකරන ආකාරය පැහැදිලි කීරිම.


මේ mushroom cloud එක බැලුවොත් ඔයාට පෙනෙයි මැද කොටසේ උෂ්ණත්වය වැසී ඝනත්වය අඩුයි පිටත් කොටස්වල උෂ්නත්වය අඩුයි ඝනත්වය වැඩී. ඝනත්ව වෙනසක් තියනවා.


මේක තනියම කෙනෙක් හොයාගත්ත දෙයක් නෙවෙයි

1880 දී රේලි කියන විද්‍යාත්ඥයයා cirrus clouds සෑදෙන්නේ කොහොමද යන්න ඉදිරිපත් කල නියායන් සහ...

1950 දී සර්. ජෙෆ්‍රි ඉන්ග්‍රම් විසින් ඉදිරිපත් කරපු " Interfacial instability " කියන භෞතික විද්‍යා සොයාගැනීම් දෙකේ එකතුවක් තමා මේක.


( මේක නෝමල් සරලව තේරුම් ගත්තානම් ඇති )


හම්මේ... තව දෙයක් තියනවා. දැන් මෙ බිම්මල හැදිලා මේක නොනවත්වා ඉහලට යන්නේ නෑ. තරමක් ඉහලට ගිහින් නතර වෙනවා ඇයි එහෙම නතර වෙන්නෙ මොකක්ද මේකට හේතුව ?


මේ රත් වූ වායු කොටස ඉහලට ගියේ ඝනත්වය අඩු නිසා. මෙහෙම ඉහලට යන ගමනෙදි යම් කිසි වෙලාවකදී මේ වායු කොටසේ ඝනත්වය අවට වාතයේ ඝනත්වයට සමාන වෙන පිහිටුමක් එනවා. අන්න එතකොට ඝනත්වයෙ වෙනසක් නෑ ඒක නිසා ඉහලට තල්ලු වෙන්නේ නෑ. ඒ උස මට්ටමේ ඉදන් වායුකොටස අපේ සාමාන්‍ය වයු ගෝලයට ලස්සනය පැතිරිලා යනවා


Shock Wave


මොකක්ද අර වටේ පිටේ තියන ඒවා ගහගෙන යන ගානට ආව වේගවත් සුලග. ඒ තමා පිපිරීම නිසා ඇති උන Shock Wave එක. ඒක නම් videos වල සුපිරියට බලාගන්න පුලුවන්.


ලෙබනනයේ පිපිරුමෙදි අර එක පාරටම ඇති වෙන සුදුපාට වලාකුල වගේ කොටස. අන්න ඒක තමා ශොක් වේව් එකට හේතු වෙන්නෙ. වීඩියෝ වල නියමෙට මේක බලාගන්න පුලුවන්


දැන් මේකට හේතුව මොකකද ??????


හේතුව තමා මේ පිපිරුම නිසා අපි කලිනුත් කතා කරා අඩු පීඩන කලාපයක් ඇති වෙනවා කියලා. මේ අඩු පීඩන කලාපයේ පීඩනය කොච්චර අඩු වෙනවාද කියනව නම් අවට තියන ජලවාෂ්ප ඝනීභවනා වෙලා වලාකුලක් නැත්නම් ඝන මීදුමක් ඇතිවෙනවා. මෙන්න මේක තමා අපිට ශොක් වේව් එක විදිහට පෙනෙන්නෙ සහ පැතිරිලා යන්නෙ.


ඔයා න්‍යශ්ටික බෝම්බ පිපිරුමක් දැකලා තියනවා නම් මේ ශොක් වේව් එක ඇතිවෙනවත් එක්කම තාවකාලිකව ඝන වලාකුළු වලල්ලක් mushroom cap එක වටේ ඇති වෙනවා දැකලා ඇති. මේ වලාකුළු වලට අපි කියනවා " Wilson Clouds " කියලා. මේකට හේතුවත් අපි කලින් කතාකරපු අඩු පීඩන කලාපයම තමා.


මේක මුලින්ම නිරූපණය කරලා පෙන්නුවේ ස්කොට්ලන්ත ජාතික චාල්ස් විල්සන් කියන භෞතික විද්‍යාත්ඥයා එයාගේ Wilson Cloud Chamber එක භාවිත කරලා.



හම්මේ..... ඕක තමා අද විස්තරය පොඩ්ඩක් බෝරින් නම් වෙන්න ඇති මොකද අද ටිකක් සන්කීර්න භෞතික විද්‍යාත්මක වචන තිබ්බ නිසා.


මන් හිතනවා කස්ටිය පොඩි හරි අලුත් දෙයක් ඉගෙනගන්න ඇති කියලා අද කතාවෙන්. එහෙනම් කස්ටිය මේ සීන් එක ගැන අලුත් තොරතුරු සහ මේ පෝස්ට් එක ගැන අදහසක් කමෙන්ට් සෙක්ශන් එකේ අනිවා දාන්න.


මම ප්‍රාර්ථනා කරනවා ආයි මේවගේ ඛේදවාචකයක් ආයි මේ අවුරුද්ද තුල නැවත අසන්නට නොලැබේවා කියලා


එහෙනම් අපි තව මේ වගේ පෝස්ට් එකකින් සෙට් වෙමු


වැඩේ හොදයි නම් අපේ පොඩි පේජ් එකට ලයික් කරන්න පෝස්ට් එක share කරන්න......


https://www.facebook.com/දැනුම්-සාගරය-The-Ocean-Of-Knowledge-Official-111733067279090/


.... Praveen Nisanga Randunu

From The Page

දැනුම් සාගරය-The Ocean Of Knowledge Offial — feeling sad

3 views
bottom of page