top of page

Loneliness

Writer's picture: Lakshan GunawardhanaLakshan Gunawardhana

මිනිසුන් වශයෙන් අපි සමාජශීලි ලෙස තමයි ජීවත්වන්නේ. එක් එක් පුද්ගලයන් විවිධ විවිධ මට්ටමෙන් පවුලේ අය, යහළු යෙහෙළියන් ඇතුළු සමීප පුද්ගලයන් , සමාජයේ සෙසු පුද්ගලයන් සමඟ කටයුතු කරනවා. ඇතැම් අය ගොඩාක් පුද්ගලයන් සමඟ එදිනෙදා ජීවිතයේදී විවිධ සබඳතා පවත්වනවා. තවත් අය සීමිත පිරිසක් සමඟ සබඳතා පවත්වනවා. කෙසේ හෝ මානව සබඳතාවයන්ගෙන් තොරව පුද්ගලයකුට හොඳින් ජීවිතය ගතකරන්න බැහැ. අපි එකිනෙකාට ඍජුව සහ වක්‍රව බැඳිලා තමයි ජීවිත් වන්නේ.

අන් පුද්ගලයන්ගේ ඇසුරක් නොමැතිව, මානව සබඳතාවයන්ගෙන් ඈත්ව, එදිනෙදා ගතකරන්න වුණොත් එය කොතරම් අපහසු වෙයිද? අන්න එවැනි තත්ත්වයක් ගැන තමයි අද ලිපියෙන් කියන්නේ. Loneliness ලෙස තමයි ඒක හඳුන්වන්නේ.

අපි එදිනෙදා යම් කාලයක් හුදකලා ලෙස ගත කිරීම සහ තනිකම කියන්නේ දෙකක්. අපිට හොඳින් දේවල් ගැන කල්පනා කරන්න, අරමුණු ඇති කරගන්න, හිතට සහනයක් ලබාගන්න, යම් නිර්මාණයක් කරන්න, විනෝදාංශ කරන්න, වගේ අවස්ථාවන් වලදී හුදකලා බව ඉතාමත් වැදගත් වෙනවා. හුදකලා බව තුළ මානසික ආතතියක් නැහැ. පීඩනයක් නැහැ. එය ඵලදායි කාලය ගත කිරීමක්.

නමුත් තනිකම කියන්නේ පුද්ගලයන් මානසිකව ආතතියට, පීඩනයට ලක්වන එක් මානසික තත්ත්වයක්. ⁃ සමාජ සබඳතා වලින් ඉවත් වීම ⁃ සමීප, විශ්වාසවන්ත අය නොමැති වීම ⁃ මීට පෙර ආසාවෙන් කරපු දේවල් වලට දැන් යොමු නොවීම ⁃ හිස් බවක් දැනීම ⁃ "මට කවුරුත්ම නැහැනෙ" , "කවුරු හරි හිටියා නම්" වගේ දේවල් කල්පනා වීම ⁃ තමන් ගැන, අනාගතය ගැන යම් බියක් තිබීම ⁃ තෘප්තිමත් බවක් නොමැති වීම ⁃ දුක ⁃ අපේක්ෂාභංගත්වය ⁃ තෙහෙට්ටුව එවැනි දේවල් මේ loneliness තත්ත්වයේදී පුද්ගලයෙකුට ඇතිවෙනවා.

Loneliness තත්ත්වය ඇතිවීම කෙරෙහි පහත කාරණා බලපාන්න පුලුවන්. ⁃ සමීප අයෙකුගේ මරණය හෝ වෙන්වීම ⁃ ශාරීරික, ලිංගික, මානසික, හිංසනයන්ට ලක්වීම ⁃ මානසික රෝගී තත්ත්වයන් ( depression, anxiety) ⁃ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම ⁃ දික්කසාද, දැඩි ආර්ථික ගැටලු වැනි පීඩනයන් ⁃ අඩු ආත්ම අවබෝධය සහ අඩු ආත්මාභිමානය ⁃ විවිධ පෞරුෂ දුර්වලතා වැනි කරුණු loneliness තත්ත්වය කෙරෙහි හේතු වෙන්න පුලුවන්.

Loneliness, එහෙමත් නැත්නම් තනිකම කියන්නේ පුද්ගලයන්ට අහිතකර බලපෑම් ඇති කරන තත්ත්වයක්. අපි බලමු මොනවාද ඉන් ඇතිවෙන්න පුලුවන් අහිතකර බලපෑම් කියලා.

⁃ මත්පැන් මත්ද්‍රව්‍ය වලට යොමුවීම ඉහළ යාම ⁃ සමාජ විරෝධී හැඟීම් ⁃ මතකය සම්බන්ධ ගැටලු ⁃ තීරණ ගැනීම් සම්බන්ධ ගැටලු ⁃ මානසික ආතතිය ⁃ Dementia ඇතිවීමේ අවධානම ඉහළ යාම ⁃ Depression, anxiety, suicide අවධානම ඉහළ යාම ⁃ මොළයේ ක්‍රියාකාරීත්වය වෙනස් වීම ⁃ හෘද රෝග ⁃ ආඝාතය (sroke) ⁃ තෙහෙට්ටුව ⁃ නොමේරු වයසට යාම් ⁃ ජීවිතයේ ගුණාත්මක බව අඩුවීම

කෙනෙක්ට ගොඩක් සමීප අය සිටියද ඒ කෙනාට තනිකම ඇතිවෙන්න පුලුවන්. අප වටේ ඉන්න පිරිසේ ප්‍රමාණය මතම එය තීරණය කරන්න බැහැ. ඕන තරම් උදාහරණ තිබෙනවානේ, යහළුවන් බොහෝමයක් ඉන්න අය පවා යම් යම් මානසික පීඩනයන් අවසානයේ සියදිවි නසාගැනීම් කරගන්නවා. එක්කෙනෙක් දෙන්නෙක් සමඟ හෝ හොඳ ගුණාත්මක සබඳතාවයක් තිබීම තමයි ඉතාමත් වැදගත් වන්නේ.

කෙනෙක් loneliness තත්ත්වයක නම් ඉන්නේ මොනවාද කරන්න පුලුවන් දේවල්. ⁃ සමාජ ක්‍රියාකාරකම් වැනි දේවල් වලට සහභාගී වීම ⁃ හොඳ යහළුවන් ඇතිකරගැනීම ⁃ කණ්ඩායම් ක්‍රීඩා වලට යොමුවීම ⁃ විනෝදාංශ වල නිරත වීම ⁃ ජීවිතයට හොඳ පැහැදිලි අරමුණු ඇතිකරගැනීම ⁃ අරමුණු වෙනුවෙන් නිසිලෙස වැඩකටයුතු කිරීම ⁃ ගැටලු තිබෙනවා නම් ඒවාට නිසි විසඳුම් ලබාගැනීම ⁃ සමීප සබඳතා සමඟ කාලය ගතකිරීම ⁃ මනෝ උපදේශන සහය ලබාගැනීම වෙත යොමුවීම.

ඉතින් ඒ දේවල් loneliness තත්ත්වය වෙනුවෙන් කරන්න පුලුවන්. හුදකලා ලෙස කාලය ගතකිරීම හොඳයි. නමුත් සමීප සබඳතා වලින් ඈත්ව, මානසික පීඩනයෙන් තනිකමින් කල් ගෙවන්න එපා.

-Avishka Sathsara



1 view

Comments


bottom of page