top of page
Search

Pale Blue Dot...

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Jun 13, 2022
  • 1 min read

1977දී පෘථිවියෙන් නික්ම ගිය, ගමනාන්තයක් නොදන්නා දීර්ඝ චාරිකාවක වසර 43ක් තිස්සේ තවමත් යමින් සිටින 'වොයේජර් 1' යානය 1990 පෙබරවාරි 14 දින අප සූර්යග්‍රහ මණ්ඩලයේ අවසාන සීමාව හැර යාමට පෙර අවසන් වරට ලබාගත් පෘථිවියේ ඡායාරෑපය pale blue dot නම් වේ..

මෙය ලබාගන්නා විට යානය තිබී ඇත්තේ පෘථිවියේ සිට කිලෝමීටර බිලියන 6ක දුරිනි. මෙම ඡායාරෑපයෙන් පසු යානයේ කැමරාව අක්‍රීය කල අතර 2027දී පමණ යානය සම්පූර්ණයෙන්ම මිය යාමට නියමිතය. යානයට අප අයත් ක්ෂිරපථයෙන් ඉවත් වීමට පමණක් තවත් වසර 30000ක් පමණ ගමන් කිරීමට සිදුවනු ඇත..

නාසා තාරකා විද්‍යාඥ Carl Sagan මේ පිලිබඳව තබා ඇති සටහනකි මේ,,

"මේ තිත දිහා බලන්න. ඒ අපේ නිවහනයි. ඔබ ආදරය කරන, ඔබ දන්නා, ඔබ කවදා හෝ අසා ඇති සෑම මිනිසෙකුම ජීවත් වන්නේ, ජීවත් වූයේ ඒ කුඩා තිත තුලය. පෘථිවිය දැවැන්ත අවකාශයක කොපමණ කුඩාදැයි ඔබට දැන් සිතාගත හැකිද? මහා අධිරාජවරැන්, මහා යුධ සෙන්පතියන් විසින් මේ කුඩා තිත තුල නිර්මාණය කල ලේ ගංගාවන් කොතෙක්ද? මෙම පික්සලයේ එක් කොනක වැසියන් වෙනත් කොනක සිටින වැසියන් ඔවුන්ගේ වැරදි වැටහීම් මත එකිනෙකා මරා දැමීමට කොතරම් උනන්දුවක් දක්වනවාද යන්න ගැන සිතා බලන්න..

අපේ කුඩා ලෝකයේ මෙම දුරස්ථ ඡායාරෑපයට වඩා මිනිස් සංකල්පවල මෝඩකම පිළිබඳ හොඳ නිරූපණයක් තවත් නැත. මට නම් එය අවධාරණය කරන්නේ එකිනෙකා සමඟ වඩාත් කාරුණිකව කටයුතු කිරීම සහ අප මෙතෙක් දන්නා එකම නිවස වන සුදුමැලි නිල් පැහැති තිත ආරක්ෂා කර ගැනීම සහ රැකබලා ගැනීමය"

-Copied-

 
 
 

Comments


bottom of page