
මැන්ගනීස් ඩයොක්සයිඩ්(MnO2), පොටෑසියම් කාබනේට්(K2CO3) එක්ක මිශ්‍ර කරපු ජොහාන් රුඩොල්ෆ් ඒක වතුරේ දිය කරලා තියෙනවා.
මුලින්ම ද්‍රාවණය කොළ පාට වෙලා, පස්සේ දම් -රතු පැහැය අරන්. මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1659 දී වගේ. ඒ තමා පොටෑසියම් ප' මැංගනේට්(KMnO4) වල පළමු වාර්ථා වීම. පස්සේ කාලෙක ලංඩනයේ හිටපු රසායනඥයෙකු වන බෝල්මන් කොන්ඩි MnO2 සමග NaOH රත් කරලා හදනවා සංයෝගයක්, ඔහු දැනගන්නවා මේ සංයෝගයට ජලයේ තියෙන විශබීජ විනාශ කරන්න පුලුවන් හැකියාවක් තියෙනව බව. ඔහු ඒ සංයෝගය කොන්ඩිස් ද්‍රවය(Condy's fluid) නමින් විකුණන්න පටන් ගන්නවා.
ඒත් මුහුණ දෙන්න උන ප්‍රශ්නය තමා මේ සංයෝගය අස්ථායී වීම, ඒකට විසඳුමක් විදියට ඔහු හොයාගන්නවා MnO2 එක්ක KOH ප්‍රතික්‍රියා කරවලා කලින් සංයෝගයට වඩා ස්ථායි කැට විදියට භාවිතා කරන්න පුළුවන් සංයෝගයක් හදන්න පුළුවන් කියලා, ඒ තමයි පොටෑසියම් ප'මැංගනේට්. මේ පොටෑසියම් ප'මැංගනේට් කැට කොන්ඩිස් කුඩු(condy's powder) සහ කොන්ඩිස් කැට(condy's crystals) යන නම් වලින් ඒ කාලේ අලෙවි වෙලා තියෙනවා. දැන් තේරෙනවා ඇතිනේ KMnO4 වලට කොන්ඩිස් කියන නම් එන්නේ කොහොමද කියලා. Condy ගේ කැට නැත්නම් Condy ගේ කුඩු නමින් අලෙවි උන සංයෝගය තමා අපි මෙ KMnO4 හෙවත් කොන්ඩිස් කියලා භාවිතා කරන්නේ.
මේ කොන්ඩිස් වල ප්‍රයෝජන රාශියක් තියෙනවා...
ඉන් එකක් තමයි රත් කරලා වියෝජනයෙන් විද්‍යාගාරයේ අපිට ඔක්සිජන් වායු සාම්පලයක් නිපදවගන්න පුළුවන් එක ..
2KMnO4 (s)→ K2MnO4 + MnO2(s) + O2(g)
සටහන දේශක සමීර බාලසූරිය Sameera Balasooriya B.Sc,M.Sc
Comments