top of page

කොරියාවේ රත්‍රං එකතු කිරීමේ ව්‍යාපාර හා ලංකාවේ දේශපාලකයන්

Writer's picture: Lakshan GunawardhanaLakshan Gunawardhana

1997 නොවැම්බර් මාසයේදී කොරියාවේ මූල්‍ය පද්ධතිය දැඩි ලෙස කඩා වැටුනා මේ වෙලාවේ කොරියාවේ ආර්ථිකය බිද වැටීමක් සිදුවෙයි කියලා කොරියාවට ණය ලබා දුන්න විදේශීය ආයතන ඒ ණය මුදල් ආපසු ඉල්ලුවා.

ඒකේ ප්‍රථිපලයක් විදිහට කොරියානු මූල්‍ය ආයතනය කොරියානු බැංකුවෙන් හදීසියේ මුදල් ඉල්ලා සිටියා.ඒ නිසා රටේ විදේශ විනිමය සංච්තය අඩු උනා.රට බංකොලොත් වීමට ආසන්න මට්ටමට ආවා.

කොරියාවේ ජාතික ණය ඩො.බි 150 ට වඩා වැඩි උනත් විදේශ විනිමය සංච්තය ඩො.බි 4 ටත් වඩා අඩු උනා.මේ අර්බුදයෙන් බේරෙන්න කොරියාව IMF එකෙහි දැඩි කොන්දේසි වලට යටත්ව් ඇපදීමේ පැකේජයක් මත විශ්වාසය තබාගෙන IMF එකේ පිහිට ලබා ගන්න සිදුවුනා.

මේ අතර තුර තමන්ගේ රට බංකොලොත් බාවයට පත් වෙන්න යනවා කියලා බයවුන කොරියානු ජනතාව රටේ විදේශ ණය ගෙවීම්ට රත්ත්‍රන් එකතු කිරීමට උද්ඝෝෂණයක් සිදු කලා.මෙහි ප්‍රථිපලයක් විදිහට 1998 ජනවාරි 5 දින KBS ආයතනය ජාතික රත්‍රන් එකතු කිරීමේ වයාපාරයක් ආරම්භ කරා.

බැංකුව විසින් කොරියානු ජනතාවගේ රත්‍රන් ස්ථාවර මිලක් යටතේ මිලදී ගත්තා.මෙලෙස ලබාගත්ත රත්‍රන් පිට රට වලට විකුනා විදේශ ණය ගෙවීමට මුදල් උපයාගත්තා.

කොරියානුවන් දස දහස් ගනන් දෙනා මූල්‍ය වටිනාකම නොබලා රන් භාන්ඩ පරිත්‍යාග කරා.අළුතින් විවාහ උන අය තම මංගල මුදු පරිත්‍යාග කරා,දෙමා පියන් තමන්ගේ දරුවන්ගේ රත්ත්‍රන් භාන්ඩ ,යුධ ප්‍රවීනයන් තම හමුදා ලාංජන ,ක්‍රීඩකයන් ජයග්‍රහණය කරන ලද රන් පදක්කම්,දේශපාලකයන් තමන් සතු රත්‍රන්,කොරියාවේ වැදගත් චරිතයක් වන කාදිනල් හිමියන් තම අභිශේක කිරීම සදහා ඔහුට ලැබුණු රන් කුරුසය පවා ලබා දී ඇත.

ලංකාවේ අපේ රටේත් මෙවැනි මිනිස්සු ඕනි තරම් ඉන්නවා ව්‍යසන වලදී එකතු වෙලා එකි නෙකාට උපකාර කරන හැටි ඇස් දෙකටම පේන්න තියෙනවා

වැදගත්ම දෙය නම් අපේ රට වසර 70ක් තිස්සේ පාලනය කරපු දේශපාලකයින් සුළු හෝ කැප කිරීමක් නොකර අහිංසක ජනතාවගේ කර පිටට ආර්ථික අර්බුදය තල්ලු කිරීමයි.අවවාදයට වඩා ආදර්ශය උතුම් ලෙස දේශපාලකයන් සිතුවානම් දෙවරක් නොසිතා ඕනිම කැප කිරීමක් සිදු කිරීමට හැකි අභිමානවත් ජාතියක් අප රට සතුව ඇත.

කොරියන් මිතුරා



2 views

Comentarios


bottom of page