top of page
Search

කැරපොතු න්‍යාය!

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Feb 4, 2022
  • 2 min read

Google සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායි විසින් කරන ලද මනරම් දේශනයක් ඇසුරිනි


අවන්හලකදී එක්වරම කැරපොත්තෙක් පියඹා විත් කාන්තාවකගේ ඇඟේ වැහුවා. ඇය බියෙන් කෑ ගසන්නට පටන් ගත්තා. බොහොම කලබලයට පත්වෙලා කෑ ගසමින් උඩ පනින්නට පටන්ගත් ඈ අත් දෙකෙන්ම ගසමින් කැරපොත්තාගෙන් මිදෙන්නට උත්සාහ කළා.

ඇගේ කලබලය නිසා ඇය සමඟ සිටි අනිත් අයත් කලබලයට පත් වුණා.


අන්තිමට ඇය කැරපොත්තා එළවාගන්නට සමත් වුණත් ඌ පියඹා ගිහින් ඒ සමඟ සිටි තවත් කාන්තාවකගේ ඇඟේ වැහුවා. දැන් ඉතින් අර කාන්තාව නවත්තපු තැන ඉඳන් අනිත් කාන්තාව කෑගහන්න, දඟලන්න පටන්ගත්තා.



ආපනශාලා සේවකයෙක් ඔවුන් ගලවාගන්න ඉක්මනින් දුව ආවා. අන්තිමේ අර කැරපොත්තා ඒ සේවකයාගේ ඇඟේ වැහුවා. ඔහු කෙලින් හිටගෙන නොසෙල්වී කමිසය මත වසා සිටි කැරපොත්තාගේ හැසිරීම හොඳින් බැලුවා.


නිසි අවස්ථාව ආ විගසම සේවකයා කැරපොත්තා අල්වාගෙන අවන්හලෙන් එළියට විසිකර දැම්මා.

හෙමිහිට කෝපි කෝප්පයක් රසවිඳිමින් මේ දෙස බලා හිටපු මගේ මනසට අපූරු කල්පනාවක් ආවා, මම පුදුමයට පත් වුණා ... මේ සියළු කලබල වලට වගකියන්න ඕනෙ අර කැරපොත්තා ද ?

එය එසේ නම් ඇයි ආපනශාලා සේවකයා ඉන් කරදරයට පත් නොවුණේ ?

ඔහු එය නිසි පරිදි පාලනය කරගත්තා කිසිම ගැටළුවකින් තොරව.

අර කාන්තාවන්ට කරදරයක් වුණේ කැරපොත්තා නෙවෙයි. ඒ කැරපොත්තා නිසා ඇතිවුණු කරදරය පාලනය කරගන්න ඔවුන්ට නොහැකි වීමයි.

මට වැටහුනා මගේ පියාගේ, ප්‍රධානියාගේ හෝ බිරිඳගේ කෑගැසීම මට බාධා නොකරන බව. නමුත් ඒ අයගේ කෑගැසීම නිසා ඇතිවෙන බාධාවන් පාලනය කරගන්න මට නොහැකි වීම තමා මට ඇති බාධාව.


මට බාධාවක් වන්නේ මාර්ග තදබදයන් නොවෙයි, ඒ නිසා ඇතිවන බාධාවන් පාලනය කරගන්න මට ඇති නොහැකියාවයි.

ගැටළුවට වඩා ඊට ප්‍රතිවිරුද්ධව මම දක්වන ප්‍රතිචාරය තමා මගේ ජීවිතයේ ගැටළු ඇතිකරන්නේ.

කතාවෙන් උගත් පාඩම :

මට වැටහුණා. මම ජීවිතයේදී ප්‍රතිවිරුද්ධව ක්‍රියා නොකළ යුතු බව.

මම නිතරම ප්‍රතිචාර දැක්විය යුතුයි.

කාන්තාව ප්‍රතිවිරුද්ධව ක්‍රියා කළා, නමුත් සේවකයා ප්‍රතිචාර දැක්වුවා.

ප්‍රතිවිරුද්ධව ක්‍රියා කිරීම නිතරම ඉබේ සිදුවුණත් ප්‍රතිචාර දැක්වීම නිතරම හොඳින් සිතා බලා සිදු කරන්නක්.

මෙය ජීවිතය තේරුම් ගැනීමට මනරම් මඟක් ...

මිනිසෙක් සතුටින් සිටින්නේ ඔහුගේ ජීවිතයේ සියල්ල නිවැරදිව සිදුවන නිසා නොවෙයි.

ඔහු සතුටින් සිටින්නේ තමන්ගේ ජීවිතයේ සියළු දේ පිළිබඳව ඔහුට නිවැරදි ආකල්ප ඇති නිසයි.

.

.

.

උපුටාගැනීමකි

 
 
 

Comentarios


bottom of page