20 වන සියවස නිර්මාණය කළ මිනිසා එහෙමත් නැත්නම් the man who invented 20th century යනු කවුරුන්ද?? යනුවෙන් කෙනෙක් ඇහුවොත් ඔබ දෙන උත්තරේ විවිධාකර වෙයි අනිවාර්යයෙන්..ඒත් මගේ උත්තරේ නම් අනිවාර්යයෙන් Nicola Tesla ම වෙයි.. එතකොට කවුද මේ ටෙස්ලා?? ටෙස්ලාගෙ ජීවිතකාලය ඇරඹුමේ පටන් ලියලා තියනව අපේ Dilshan Weerasena මල්ලි..
ඉතින් ටෙස්ලා ගැන මම දන්න කරුණුත් පොඩ්ඩක් කියන්න ඕන කියලා හිතුනා. එයාගෙ current war ලිපිය දැක්කට පස්සෙ..
The man who invented 20th century එහෙමත් නැත්තම් the wizard of electricity ( විදුලි විශාරදයා) යනුවෙන් හඳුන්වන ටෙස්ලා ගැන කාලයත් එක්කම පොඩ්ඩක් හැංඟීගන යන කරුණු ටිකක් ඔයාලට කියන්නම්..
1884 වර්ෂයේ එක්තරා දිනක තෝමස් අල්වා එඩිසන් එහෙමත් නැත්තම් අපි කවුරුත් දන්න එඩිසන් මහත්තයව මුණ ගැහෙන්න සයිබීරියන් සම්වභයක් සහිත ඔස්ට්‍රියානු තරුණයෙක් එනවා. ඔහු එන්නේ ඔහුගේ මුල් ව්‍යවසායකයා වූ චාල්ස් බච්ලර් මහතා විසින් ලියන ලද ලිපියකුත් අරගෙනයි. රැගෙන එන ලියුමේ සදහන් වෙන්නේ,
"මම ලෝකයේ දන්නා ශ්‍රේෂ්ඨයන් දෙදෙනෙකි. එක්කෙනෙක් ඔබ වන අතර අනෙකා මම ලිපිය රැගෙන එන තැනැත්තායි."
මේ ලිපිය ලියූ චාල්ස් බච්ලර් මහතා මෙලෙස හදුන්වාදෙන ලද පුද්ගලයා ඇත්තටම තෝමස් අල්වා එඩිසන්ව මොහුට සමාන කළ නොහැකි තරම් ශ්‍රේෂ්ට බව ලෝකයක් හඳුනාගෙන අවසන්.
ඔහු හැර අන් කිසිවෙකුත් විෂය පථයන් ගණනාවක හසල දැනුමකින් හා වසර සියගණනක අනාගත දැක්මකින් කටයුතු කර නොමැති බැවින්. ඒ අන් කව්රුත් නොව නිකොලා ටෙස්ලා නම් මහා නිර්මාණකරුයි. ටෙස්ලා නව නිපැයුම්කරුවෙකු, විදුලි ඉංජිනේරුවෙකු, යාන්ත්‍රික ඉංජිනේරුවෙකු, සහ අනාගතවේදියෙකු යන විවිධ අංශ වලින් ලෝකයට මහා මෙහෙයක් සිදුකලා. නමුත් එඩිසන් නම් එවන් ශ්‍රේෂ්ඨයෙකු දැයි මෙම ලිපිය කියවන විට ඔබටම වැටහීමක් ලැබේවි.
මේ මහා නිර්මාණකරු උපත ලැබුවේ ක්‍රොයේෂියාවේ සර්බියානු පවුලකයි. නමුත් ඒක ටිකක් අමුතු කතාවක්, එවකට ඔස්ට්‍රිහන්ගේරියන් දේශ සීමාවට ආසන්න ලිකා (Lika) ග්‍රාමයේ, ස්මිල්ජාන් කියන පළාතේ තමා නිකොලා ටෙස්ලා ඉපදුනේ. හැබැයි ඒක ටික කාලයක් යන කොට යුගොස්ලෝවියාව උනා. නමුත් දැන් නං හඳුන්වන්නේ ක්‍රොඒෂියාව විදියටයි. කොහොම උනත් ටෙස්ලාගේ දෙමාපියන් සර්බියන් වැසියන් වූ නිසාම ටෙස්ලාත් උපතින් සර්බියානුවෙක් විදියට හදුන්වන්න පුළුවන්. ටෙස්ලා ඉපදුනේ 1856 ජූනි 10 වනදා අකුණු ගසන මධ්‍යම රාත්‍රියකයි. ඒ නිසාම ඔහුව "විදුලියෙන් උපන් දරුවා" ලෙසද හැඳින්වුනා. ඒ දරුවන් පස්දෙනෙකුගෙන් යුතු පව්ලක හතර වෙනියා ලෙසයි. ඔහුට සොහොයුරියන් තිදෙනෙකු (මිල්කා, ඇන්ජිනෝනා සහ මාරිකා) සහ එක් සොයුරෙකු විය. නමුත් අවාසනාවන්ත ලෙස ටෙස්ලාගේ වයස අවුරුදු පහක් වූ විට අශ්ව කරත්තයකින් වැටී ඔහුගේ සොහොයුරා (ඩේන්) මිය ගියා.
1861 දී ටෙසලා ස්මිජාන්හි ප්‍රාථමික පාසැලකට ගොස් ජර්මානු, ගණිතය හා ආගම ඉගෙන ගත්තා. මේ විශිෂ්ට මිනිසාට "ඔහුගේ නොවනු ඔහුගේම පේටන්ඩ් බලපත්‍රයක් සහ නොබෙල් ත්‍යාගයකුත්" තියෙනවා. ඒවගේම ඔහුව හඳුන්වන්න මම පාවිච්චි කරපු උඩ නම් එතුමාට කොතරම් දුරට ගැළපෙනව ද ඔයාලට මේ ලිපිය කියවල ඉවරවෙද්දි තේරෙයි.
ඔහුගේ පියා මිලුටින් ටෙස්ලා (Milutin Tesla) ඕතොඩොක්ස් පූජකයෙකු වූ නිසාම ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා. නමුත් තම මව ඩුයුකා ටෙස්ලා (Đuka Tesla)
නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි. මේ ඝට්ඨනය දිගින් දිගටම තිබුනා. ඔහුගේ පියා ඕතොඩොක්ස් පූජකයෙකු වූ නිසාම ඔහුට තම පුතාවද පූජකයෙකු කිරීමට අවශ්‍ය වුණා.
නමුත් තම මව නිවසේ වැඩ පහසු කරගැනීමට නිර්මාණය කළ විවිධ උපකරණ හා ක්‍රම දුටු කුඩා ටෙස්ලාට අවශ්‍ය වුණේ තාක්ෂණය ඉගෙනගැනීමටයි. මේ ඝට්ඨනය දිගින් දිගටම තිබුනා. ඒත් ටෙස්ලට කොළරාව හැදිල දැඩි අසනීපයෙන් ඉද්දී, ඔහුගේ පියා ඇවිත් ඇහුවේ මේ අසනීපේ ඔයාට කොහොම හරි හොද කර ගන්න බැරිද කියලයි. අන්න එතකොට ටෙස්ලා කිව්වේ “මම මේ ලෙඩේ සනීප කරගන්නවා නං තාත්තා මට එක දෙයක් පොරොන්දු වෙන්න ඕන“ කියලයි. අවසානයේදි ටෙස්ලා සිතු පරිදිම ඉංජිනේරුවෙකු වීමට තාත්තා ටෙස්ලාට කැමැත්ත දෙනවා පමණක් නොවෙයි. සුදුසු ඕනැම විශ්වවිද්‍යාලයකට යන්නත් උදව් කරනවා.
ඔහු විදුලි ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට ශිෂ්‍යත්වයක් ලබාගෙන ඉගෙනුම ආරම්භ කලත් උපාධිය අවසන් කරන්නේ නැහැ.
ටෙස්ලා විශ්ව විශ්‍වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට පසුකාලීනව සූදූවට යොමුවෙලා තිබුනත් එම මුදල් යොදාගන සල්ලි උපයන්න තරම් ටෙස්ලා දක්ෂ වෙලා තියනව.කොහොම උනත් උපාධි ශිෂ්‍යයෙක් විදියට මුල් කාලෙ ටෙස්ලගෙ ඉගෙනීමේ උනන්දුව කොච්චර ද කියනව නම් තාත්තගෙ මරණයෙන් පස්සෙ ටෙස්ලට ලිපි වගයක් ලැබෙනව ඔහුගේ ගුරුවරු වුනු මහාචාර්යවරු පියාට යොමු කරපු ලිපි. ඒවගෙ සඳහන් වෙන්නෙ ටෙස්ලාගෙ නින්දෙ තරම කොච්චර ද කියනව නම් නොබෝ දිනකින් ඔහු මානසික රෝගියෙක් වන බව. පසු කාලීනව ටෙස්ලා සඳහන් කරන අන්දමට ඒ අවධියේ ඔහු පාන්දර 3 නේ ඉඳලා රෑ 11 වෙනකම් එක දිගටම පාඩම් කටයුතු වල නිරත වෙලා තියනව. පසු කාලීනව ටෙස්ලා ඉන්ජිනේරු උපාධිය හැරගියත් එයට හේතුව නම් අදටත් පැහැදිලි නැහැ.
උපාධිය අවසන් වන තෙක් එහි නොරැඳෙන ටෙස්ලා තම ජීවිතයේ ගත් සාධනීයම තීරණයක් ගන්නවා. ඒ ඇමරිකාවට සංක්‍රමණය වෙන එක. ඔහු ඇමරිකාවට එන්නේ ඇඳුම් කිහිපයක්, මග වියදමට මුදල් ස්වල්පයක් සහ තමාව හඳුන්වාදීමේ ලිපියක් පමණක් සහිතවයි. මුලින් ම ටෙස්ලා දුම් රිය හා සම්බන්ධ කම්කරුවෙක් ලෙස සේවය කරලා ඔහුගේ ළඟම හිතවත් පුද්ගලයෙක්ගෙ මාර්ගයෙන් තමයි එඩිසන් ළඟ රැකියාවට යන්නෙ.
එහිදී ටෙස්ලා කලක් පුරාවට බොහෝ පර්යේෂණ වල නියැලෙමින් බොහෝ නිර්මාණ කරනවා. එඩිසන් දැන සිටියේ සහ අලෙවි කලේ DC (සරළ ධාරා) විද්‍යුතයයි. එකළ එය ඉතාම මිළ අධික වගේම අකාර්යක්ෂම සේවාවක් වුණා.
සරල ධාරාවෙ එහෙමත් නැත්තම් අපි දන්න DC කරන්ට් එකේ තියන පොදු දුර්වලකම් තමා මම පහතින් දක්වලා තියන්නෙ..
*සෑම වර්ග සැතපුමකටම පමණ බලාගාරයක් අවශ්‍ය වීම,
*සම්ප්‍රේෂණය සඳහා ඝනකම් රැහැන් අවශ්‍ය වීම,
*ගිණිගැනීම් අධික වීම,
*ගින්නෙන් විදුලි පද්ධතියට සිදුවන හානි ප්‍රතිසංස්කරණය කිරීමට අධික වියදමක් යාම
වගේ හේතු හින්ඳා එඩිසන්ට මේ ව්‍යාපාරයෙන් අධික ලාභ උපයන්නට පුලුවන් උනා.
ටෙස්ලා තමන්ට වඩා අතිදක්ෂයෙක් බව තේරුම්ගන්නා එඩිසන් ටෙස්ලාට ඉතා වැදගත් කාර්යක් භාරදෙනවා. ඒ ව්‍යාපෘතිය වූයේ ඔහුගේ DC ජෙනරේටර් සහ මෝටර් වල දෝෂ නිරාකරණය කිරීමයි. ඒ සඳහා දැවැන්ත මුදලක් ටෙස්ලාට දීමටත් ඔහු පොරොන්දු වෙනවා. එනම් එය සාර්ථකව නිම කලොත් 50,000$ ( ඒ කාලෙ හැටියට ඒ මුදල ඩොලර් මිලියන 3කට ආසන්න බවයි කියන්නෙ)ලබා දීමේ පොරොන්දුවක් ඔහු ලබාදෙනවා.
ඒ හින්ඳා ටෙස්ලා දිවා රෑ නොබලා මෙම කාර්යය අවසන් කරල එඩිසන්ට භාරදීලා පොරොන්දු වූ මුදල් ඉල්ලනවා. ටෙස්ලා බලාපොරොත්තු වන්නේ එම මුදලින් ඔහුගේ නව පර්යේෂණ කටයුතු ආරම්භ කරන එක.
හිනාවකින් මුදල් දීම ප්‍රතික්ෂේප කරමින් එඩිසන් ටෙස්ලාට මෙසේ පවසනවා,
"Tesla, you don't understand our American humour"
("ටෙස්ලා, ඇමරිකන් විහිලු ගැන ඔබ දන්නේ නැහැ")
මෙම හේතුව නිසා වගේම තමන්ගෙ බලාපොරොත්තු කඩවීම මත එඩිසන්ගේ ජෙනරල් ඉලෙක්ට්‍රිකල් ආයතනයෙන් ඉල්ලා අස්වන ටෙස්ලා ටික කාලයක් නිව් යෝර්ක් නගරයේ බිම් හාරන්නෙක් එහෙම නැත්තම් digger කෙනෙක් ලෙසත් කටයුතු කරනවා. එහෙම උපයාගත් මුදලින් පසුව ඔහු තමාගේම විද්‍යාගාරයක් අරඹනවා. මේ සඳහා මූල්‍ය අනුග්‍රහය ලබාදීමට එකඟ වන්නේ J.P. Morgan සහ George Westinghouse සමාගම් දෙක පමණයි.
මේ කාලෙ තිබුනෙ එඩිසන්ගේ සරල ධාරා ක්‍රමය විතරයි. ඒක මං කලින් සදහන් කල විදියෙ ඉතා වියදම් අධික මෙන්ම අකාර්යක්ෂම ක්‍රමයක් ද වෙනවා. මේක වටහාගත් ටෙස්ලා ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) විදුලිය ලොවට හදුන්වා දෙනවා.
* විශාල ප්‍රදේශයකටම එක් බලාගාරයක් පමණක් ප්‍රමාණවත් වීම,
* ඉලෙක්ට්‍රෝන ගැලීමක් නොමැතිවීම , *ආරක්‍ෂිත වීම,
*නිෂ්පාදන නඩත්තු වියදම් අවම වීම, *බෙදාහැරීමේ වියදම අවම වීම,
ආදී කරුණු මත අදටත් ලෝකයම භාවිත කරන්නේ මෙම ක්‍රමය තමයි.ඔහු මේ සදහා පේටන් බලපත්‍රයද ලබාගන්නවා. පසුව ජෝර්ජ් වෙස්ටින්ග්හවුස් මේ පේටන් එක ඩොලර් මිලියනකට මිලදී ගන්නවා. නමුත් ටෙස්ලා මෙම මුදල් ද වියදම් කරන්නේ තමාගේ නව නිපැයුම් සිදුකිරීම සදහායි.
කොහොම උනත් මේ නව ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) ක්‍රමය එඩිසන්ගේ ව්‍යාපාර වලට මරු පහරක් උනා. ඒ නිසා එඩිසන් මේ සම්බන්දව නිකන් හිටියේ නෑ. ඔහු විසින් සුරතල් සත්තු කිහිප දෙනෙක්, අශ්වයෙක් සහ ඇතින්නක් සොයාගෙන මෙම ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) විදුලිය අනතුරදයක බව පෙන්වීමට මෙම එම සතුන් ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) මගින් පණපිටින් පුලුස්ස්සා මරා දමනවා.
හැබැයි එඩිසන් මහත්තයම තමයි ආණ්ඩුවට යෝජනා කරලා තියෙන්නේ හිර කාරයින්ට මරණ දඬුවම දීම සඳහා ප්‍රත්‍යාවර්ථ ධාරාව යොදා ගන්න කියලා. ඒවගේම ඔහු ප්‍රත්‍යාවර්ථ ධාරා (AC) යොදාගෙන මිනිසුන්ට මරණ දඩුවම ලබාදීමට විදුලිපුටුව නිර්මාණය කරනවා. නමුත් ටෙස්ලා මෙයට අපූරු පිළිතුරක් ලබාදෙනවා.
ඔහු Faraday Cage එකක් ආකාරයට සාදාගත් ඇඳුමක් ඇඳගෙන ප්‍රසිද්දියේ තම සිරුර හරහා ඉතාමත් අධික විදුලියක් යවාගෙන පෙන්වමින් තම නිෂ්පාදනය ආරක්ෂිත බව පෙන්වුවා.මේ ෆැරඩේ කේජ් එක ආශ්‍රිත ක්‍රමය හා එහිදී විදුලිය ආශ්‍රිත අමුතු සංසිද්ධිය හින්ඳා මිනිස්සු ටෙස්ලා ශරීරයෙන් රැස් විහිදවන්න පුලුවන් අමුතු මනුස්සයෙක් විදියට දැක්කා. අන්තිමේදී ටෙස්ලාව පරද්දවන්න එඩිසන් යොදපු උපක්‍රමය ම ටෙස්ලව තව තවත් මිනිස්සු අතරට යන්න මග පාදලා දුන්නා. ඒ වගේම
එම ක්‍රමය හඳුන්වා දුන් පසු ඔහුගේ සරල ධාරා ඩයිනමෝ සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ව්‍යාපාරයට දරුණු පහරක් එල්ල උනා.
මේ අතරේ තමයි "ක්‍රිස්ටෝපර් කොලොම්බස්" ගේ ඇමරිකා ආගමනයේ 400 වන සංවත්සරය සමරන දවස ලං වෙන්නේ. එය ඇමරිකාව උත්සවාකාරයෙන් සැමරීමට සුදානම් වෙනවා. ඒ සඳහා උත්සවාකාරයෙන් චිකාගෝ නගරයේ විශාල වෙලද ප්‍රදර්ශණයක් පැවැත්වීමට සැලසුම් කරනවා. (World's Colombian Exposition / World's Fair කියන්නේ ඒකට) එය ආලෝකවත් කිරීම බාර දෙන්න ටෙන්ඩර් කැඳවීමක් කරනවා. මේ ටෙන්ඩරයට ටෙස්ලා වගේම එඩිසනුත් තරග කරනවා. නමුත් එය දිනාගන්නේ ටෙස්ලා, වෙස්ටින්ග්හවුස් ගේ අනුග්‍රහයෙන්. හේතුව තමයි සරල ධාරා යොදාගෙන කරන ආලෝකකරණය ට වැය වන මුදලින් අඩක් පමණක් මේ සඳහා වැය වීම. ඉතින් ටෙන්ඩරය ලැබෙන එක පුදුමයක් නෙමෙයි. නමුත් ටෙන්ඩරය ලැබීමෙන් පසු ටෙස්ලට ලොකු අර්බුදයකට මුහුණ දෙන්න වෙනවා. අර ටෙන්ඩර් එක එඩිසන් මහත්මයට ගන්න බැරිඋන නිසා ඔහු කරන්නේ ටෙස්ලා ට අකුල් හෙලන එක. විදුලි බල්බයේ පේටන්ට් බලපත්‍රය තිබුනේ එඩිසන් අතේ නිසා ආලෝකකරණය සඳහා බල්බ යොදා ගන්න ටෙස්ලාට තහනම් කරනවා. ඉතින් බල්බ නැතිව මොන ආලෝකරණයක්ද?අපිට එහෙම දෙයක් උනානම් අපි හිතන්නේ එහෙම නේද? එත් ටෙස්ලා මේකට අපූරු විසදුමක් හොයාගන්නවා. ඒ තමයි ගෑස් බල්බ.(වර්ථමාන CFL සංකල්පය.) ඒ වැඩේ සාර්ථක වෙනවා. ඒ තමයි ඉතිහාසයේ ප්‍රථම වතාවට විදුලි ආලෝකකරණය භාවිතාකළ අවස්ථාව. මේකත් එක්කම ටෙස්ලා ලෝකයේම ප්‍රසිද්ද වෙනවා.
මේ වනවිට නයගරා ඇල්ල භාරව තිබූ කොමිසම නයගරා ඇල්ල මගින් විදුලිය ජනනය කිරීමට සහ සම්ප්‍රේෂණය කිරීම සඳහා වඩාත් සුදුසු පද්ධතිය කුමක්ද කියලා පිලිබදව වසර ගණනාවක සිට යෝජනා මාලාවක් සහ තරග මාලාවක් සලකා බලමින් සිට ඇත. නමුත් මෙහිදී ටෙස්ලා ගේ අති සාර්ථකත්වය හා සුපිරි හැකියාව දකින නයගරා ඇල්ල භාරව තිබූ කොමිසම, ජල බලය යොදාගෙන ප්‍රත්‍යාවර්ථ ධාරා නිපදවීම අත්හදා බැලීමට ටෙස්ලාට අවසර දෙනවා. නයගරා ඇල්ලෙන් විදුලිය නිපදවුවොත් එය භාවිතා කළ හැකි ලඟම නගරය වන "බෆලෝ නගරය" ඇල්ලේ ඉඳන් සැතපුම් 20 ක් පමණ දුරින් ඇති නිසා සරල ධාරා සම්ප්‍රේෂණය කොහෙත්ම ප්‍රයෝගික නැහැ. ඒ නිසා ටෙස්ලා ගේ ප්‍රත්‍යාවර්ථ අත්හදා බැලීම් වලට නිතරඟයෙන් ඉඩ ලැබෙනවා. නයගරා ඇල්ලේ ජල විදුලි සම්ප්‍රේෂණය ස්විචය විවෘත කරන අවස්ථාවේ ටෙස්ලා එතන ඉඳලත් නැහැ. එය නිවැරදිව වැඩ කරන බවට ඔහුට ඒ තරමටම විශ්වාසයක් තිබුනා. ලොව ප්‍රථම ජල විදුලි බලාගාරය තමයි ඒ. නයගරා ඇල්ල අසල ඇති ප්‍රතිමාව නිර්මණය කරලා තියෙන්නේ ටෙස්ලගේ මේ විශිෂ්ට නිර්මාණයට උපහාරයක් විදියටයි.
මාර්කෝනි රේඩියෝව සොයාගත් බව ලෝකයම පවසනවා. නමුත් ඔහු සැබැවින්ම කලේ ටෙස්ලාගේ සොයාගැනීම් හා පේටන්ට් 17ක් භාවිතා කරමින් ලොව ප්‍රථම ගුවන්විදුලි පණිවුඩය යැවීමයි (රේඩියෝවක් ගලවා එහි ඇති ටෙස්ලා කොයිල්, ට්‍රාන්සිස්ටර් ආදිය බලන්න). මේ සඳහා මර්කෝනිට නොබෙල් ත්‍යාගයත් ලැබෙනවා.ඒ නිසයි මම මුලින් " ඔහුට ඔහුගේ නොවනු ඔහුගේම පේටන් බලපත්‍රයක් සහ නොබෙල් ත්‍යාගයකුත් තියෙනවානම් කියල කිව්වේ. ටෙස්ලා මේ ගැන මාධ්‍ය වලට පිළිතුරු දුන්නේ
"Marconi is a good fellow. Let him continue. He is using seventeen of my Patents"
ලෙසයි. 1943 වර්ෂයේ ටෙස්ලාගේ මරණින් මාස 6 කට පසු දුන් නඩු තීන්දුවකින් නැවතත් ගුවන්විදුලිය සොයාගැනීමේ ගෞරවය ටෙස්ලාට ලැබුණු නමුත් අදටත් බහුතර ලෝකය එය දන්නේ නැත.
ඔහු කවදත් කීර්ති ප්‍රශංසා හඹා ගියපු මනුස්සයෙක් උනේ නෑ. මිනිස්සු ඔහුගේ සංකල්පයන් හොරකම් කරද්දි ටෙස්ලා කම්පාවට පත් උනේ ඔහුට එම සංකල්පය මොලයේ ප්‍රෝග්‍රම් වෙද්දි අනික් මිනිස්සුන්ගෙ මනසෙ ඒ ආකල්පය ඇති නොවීම සම්බන්ධ ගැටලුවක් පමණයි.
1898 දී පමණ ටෙස්ලා කළ තවත් සොයා ගැනීමක් තමයි දුරස්ථ පාලනය. අද, රූපවාහිනියේ පටන් සැටලයිට් දක්වා හැම උපකරණයකම වගේ පාවිච්චි වෙන්නේ ටෙස්ලාගේ මේ සොයා ගැනීම. 1917 දී ටෙස්ලා ගෙන ආ තවත් සංකල්පයක් තමයි රේඩියෝ තරංග පරාවර්තනය කිරීම මගින් වස්තුවක වේගය සහ ස්ථානය නිර්ණය කිරීම. එය ආරක්ෂක කටයුතු සඳහා යොදා ගැනීම ටෙස්ලා ගේ අදහස උනත් එවකට නාවික හමුදාව සම්බන්ධ නිලයක් දැරූ එඩිසන් විසින් එය වළක්වනවා. රොබර්ට් වොට්සන් "රේඩාර්" සොයා ගත්තේ ඉන් අවු. 17 කට පස්සේ. ඇත්තටම එහි ගෞරවය ලැබෙන්න ඕන ටෙස්ලා ට.
"විල්හෙල්ම් රෙන්ට්ජන්" එක්ස් රේ සොයා ගැනීමට අවු. 8 කට පෙර, ටෙස්ලා එක්ස් රේ යොදා ගෙන පරීක්ෂණ කර තිබෙනවා. ටෙස්ලාට ඒ දේවල්, ඔහුගේ පරීක්ෂණ වලට යොදා ගත් අතුරු නිපැයුම් පමණයි.
ටෙස්ලා ගැන කතා කරද්දී තවත් කතා නොකර බැරි දෙයක් තියනවා. "ටෙස්ලා කොයිල්" ගැන. බලමුකෝ මොකක්ද මේ සංකල්පය කියලා. "වයර්ලස්" එහෙම නැත්නම් රැහැන් රහිත සම්ප්‍රේෂණය ගැන හැමෝම දන්නවනේ. ටෙස්ලා කොයිල් එකෙන් කරන්නේ රැහැන් රහිත බලශක්ති සම්ප්‍රේෂණය කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. අවකාශය හරහා විදුලිය සම්ප්‍රේෂණය කරන්න (හරියට රේඩියෝ තරංග ගමන් කරනවා වගේ) හදපු සැළසුමේ මුල තමයි ඒ. මේ විදියට අවකාශය ඔස්සේ සම්ප්‍රේෂණය කරන විදුලිය සරලවම ප්‍රතිග්‍රාහකයක් වෙත (බල්බයක් වැනි) ලබා ගන්න හැකියාව තියනවා, කිසිම වයර් ඇදීමක් නැතිව. ඒ කියන්නේ ටෙස්ලා කොයිල් එකක් සම්ප්‍රේෂණය කරද්දී ඒ සීමාව තුල කෙනෙක් බල්බයක් නිකන්ම අතේ තබා ගෙන හිටියොත් ඒක දැල්වෙනවා, හැබැයි මිනිසාට හානියක් නොවී. එතකොට කල්පනා කරන්න මේක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළොත් අපට එක්ටෙන්ෂන් කෝඩ් නැත්තම් ෆෝන් එක චාජ එකට කනෙක්ට් කරන් දුක් විඳින්න ඕනද නැත්තම් අතේ තියෙද්දිම චාජ් වෙයිද??
ටෙස්ලා මේ ගැන කොලරාඩෝ ප්‍රාන්තයට ගිහින් පරීක්ෂණ පවත්වද්දී මිනිසුන් හිතුවේ ඔහු දෙවියන්ට අයත් වැඩ කරන පිස්සෙක් විදිහට. නැවත නිව්යෝක් වෙත එන ටෙස්ලා ගේ අදහස වෙන්නේ විශාල ටෙස්ලා කුළුණක් තනා ලෝකයටම විදුලිය, සංගීතය, රේඩියෝ තරංග ආදී සියල්ල සම්ප්‍රේෂණය කිරීම. ඔහු මේ සඳහා "මෝගන්" නම් මුදල් අනුග්‍රාහකයෙක් සොයා ගන්නවා.
ඒත්, අවාසනාවකට කුලුන තනාගෙන යද්දී ගුග්ලිමෝ මාර්කෝනි රේඩියෝ තරංග සම්ප්‍රේෂණය කරන නිසා මෝගන් හිතනවා තව දුරටත් මේකට අනුග්‍රහය දක්වන එකේ තේරුමක් නෑ කියලා. ටෙස්ලාගේ සැලසුම රේඩියෝ තරංග සම්ප්‍රේෂණයට වඩා ඉතාමත් එහා ගිය එකක් බව ඔහුට වැටහෙන්නේ නැහැ. කුලුනේ වැඩ අතරමග නතර වෙනවා. මේ නිසා ටෙස්ලා විසින් ලොවට දීමට නියමිතව තිබූ අසිරිමත් ත්‍යාගය අපිට අහිමි වෙනවා.
ටෙස්ලගේ අසිරිමත් නිර්මාණ අතර පහත ඒවා ප්‍රධාන තැනක් ගන්නවා
1.දුරස්ථ පාලකය.
2.රැහැන් රහිත සන්නිවේදනය.
3.නියෝන් ලයිට්.
4.ෆ්ලොරොසන්ට් ලයිට් (ටියුබ් ලයිට්).
5.AC මෝටරය (බ්ලෙන්ඩරයේ ෆෑන් එකේ වායුසමීකරණයේ සිට කර්මාන්තශාලා වල දැවැන්ත යන්ත්‍ර දක්වා ඇත්තේ AC මෝටර්ය).
6.විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් මත ගමන් කරන පාවෙන පීරිසිය
7.රැහැන් රහිත විදුලි සම්ප්‍රේෂණය
8. ට්‍රාන්සිස්ටරය සම්බන්ධ මූලික සොයාගැනීම්.
9.අදටත් පරීක්ෂණ මට්ටමේ ඇති Cryogenic Engineering පිළිබඳව ඔහු පරීක්ෂණ කළේය.(වසර 100කට පෙර)
10.අභ්‍යාවකාශයෙන් එන ගුවන්විදුලි තරංග රෙකෝඩ් කල ලොව පළමු විද්‍යාඥයාය.( ටෙස්ලාගෙ මරණය සිදුවන කාල සීමාව වන විට ටේප් රෙකෝඩ එක හොයාගන නොතිබුනත් ටෙස්ලාගෙ අවසන් පුවත්පත් සාකච්ඡාව ඔහුගේ රෙකෝඩ එකකින් සිදුකළ බව සඳහන් වෙනවා)
11.භූමිකම්පා නිපදවිය හැකි යන්ත්‍රයේ නිර්මාණකරු. (මෙහි පරීක්ෂණ කරන විට මුළු නිව්යෝක් නගරයටම භූමිකම්පාව දැනී ඇත. මෙම තාක්ෂණයෙන් (HAARP) කාළගුණයද පාලනය කලහැකි අතර ලෝකයේ භයානකම ආයුධය ලෙස සැලකෙනවා)
12.පෘථිවියේ අනුනාද සංඛ්‍යාතය සොයාගත් විද්‍යාඥයා (මෙම අගය නිවැරදි බව තහවුරු කරගැනීමට පමණක් ලෝකවාසී විද්‍යාඥයන්ට තවත් වසර 50ක් ගතවිය).
13.බෝල අකුණු ඇතිවන ආකාරය තවමත් විද්‍යාඥයන්ට නිශ්චිතව කිව නොහැක. නමුත් 1890 කාලයේදී ටෙස්ලා බෝල අකුණු නිර්මාණය කලේය.
ටෙස්ලා මිය යන්නේ 1943 දී නිව්යෝකර් හෝටලයේ ඔහුගේ කාමරය තුලදී, තනිවම. ඔහු මිය ගොස් ඇති බව හෝටල් සේවකයින් දැන ගන්නේ දිනකට හෝ දෙකකට පසුව. ඒත් සමගම ක්‍රියාත්මක වන ඇමරිකන් ආණ්ඩුව ටෙස්ලාගේ සියලුම ලිපි ගොනු තමන් භාරයට ගන්නවා. ඒ හේතුවක් ඇතුව. එය දෙවන ලෝක යුද්ධය පැවතුනු කාලය. ටෙස්ලා කරපු ඇතැම් පරීක්ෂණ සතුරා අතට පත් උනොත් ඉතාමත් විනාශකාරී වන බව ඔවුන් දැනගෙන සිටියා.
ටෙස්ලා එදා ඉදිරිපත් කළ සංකල්ප බොහොමයක් මනස්ගාත එකල ලෙස සමාජය විසින් බැහැර කලත් නවීන ලෝකයේ සියයට අසූවක් පමණම භාවිතා වන්නේ එම සංකල්ප. අනාගතයේ නිසැකවම ඇති විය හැකි බලශක්ති අර්බුදය (ඛනිජ තෙල්, ගල්අඟුරු වැනි දේ නැවත උත්පාදනය නොවන සම්පත් බැවින්) ගැන අනුමාන කරන ටෙස්ලා, විකිරණ බල ශක්තිය හඳුන්වා දෙනවා. විශ්වයෙන් අපට ලැබෙන අසීමිත ශක්තිය ප්‍රයෝජනයට ගැනීම සඳහා සූර්ය කෝෂ නිපදවීම ඇරඹෙනවා. ටෙස්ලා අනාගතයේ ජිවත් වුනු කෙනෙක්. ඔහු "වැරදි කාලයක ඉපදුන නිවැරදි මිනිසෙකු" බව ඔබට හිතෙන් නැද්ද?? කීවේ . අද කාලෙයේ නම් මෙවැනි සංකල්ප ඉදිරිපත් කරන්නෙක් මහා ධනවතෙකු වන එක නම් ඒකාන්තයි.
ඒත් ටෙස්ලා ජිවත් වුනේ දුප්පතෙක් විදියට. සියවසක පමණ අනාගතයට හරියන පරීක්ෂණ වෙනුවෙන් මුදල් වියදම් කළ නිසා නැවත ඉපැයීමක් සිද්ධ උනේ නැහැ. ඔහුගේ සොයාගැනීම් වලට අන් අය පැසසුම් ලබද්දී, ටෙස්ලා කළේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවී තමන්ගෙ මුදල් තවත් අසිරිමත් දේ ලොවට දීම සඳහා තම මුදල්, කාලය කැප කිරීමයි. ටෙස්ලාට ගෞරවයක් ලෙස බර හා කිරුම් පිළිබඳ මහා සම්මේලනය චුම්බක ස්‍රාව ඝනත්වයේ SI ඒකකය ටෙස්ලා ලෙස නම් කරපු බව නම් ගොඩ දෙනෙක් දන්නවා
ජූලි 10, ටෙස්ලා දිනයයි. ඔහු වෙනුවෙන් අවුරුද්දේ දින කොපමණ වෙන් කළත් වරදක් නැහැ කියලයි මට හිතෙන්නෙ.
අකුණු ඇතුළු විදුලිය ආශ්‍රිත පර්යේෂණ නිතර නිතර සිදු කිරීම නිසා Nikola Tesla අතීතයේ සිටම සැලකුනේ යම් කිසි පිස්සුවක් ඇති පුද්ගලයෙක් විදිහට.
තමන්ගේ පර්යේෂණ කටයුතු වලට මුළු ජීවිතේම කැප කරපු ඔහු සාමාන්‍ය ජනයා එක්ක ඒ තරම් සුහදව කටයුතු කරපු කෙනෙකුත් නෙවෙයි.මේ නිසා යම් මැජික් බලයක් තිබෙන අමුතුම පුද්ගලයෙක් විදිහටත් ඔහු කාලයක් ජනප්‍රිය වෙලා තිබුනා.ඔහු එක්ක කටයුතු කරපු වෙනත් විද්‍යාඥයන් පවා Tesla ගේ සමහර අදහස් තේරුම් ගන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ.
ඔහුට අසාමාන්‍ය මතකයක් තිබුනා. ඔහුට වරක් පොතක් කියෙව්වම ඒ පොත නැවත ඒ අයුරින්ම ලිවීමේ අසාමාන්‍ය මතකයක් තිබුනා. ඒ හේතුව නිසාම ධාරා සටනේදී ටෙස්ලාගේ විද්‍යාගාරය ගිනිගත්විට එය ඔහුගේ පරීක්ෂණ කටයුතු වලට එය කිසිවිටෙකත් බාධාවක් උනේ නැහැ.

Comments