top of page

ගෙදර ගින්න.....

Writer's picture: Lakshan GunawardhanaLakshan Gunawardhana

මිනිසෙක් විශාල එළදෙනක් මරා රෝස් කිරීමට, ග්‍රිල් එක දල්වා තම දියණියට මෙසේ කීවේය.

"දුව, අපිත් එක්ක කෑම කන්න අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ කතා කරන්න... අපි කෑම කමු!"

දුව පාරට බැහැලා කෑ ගහන්න ගත්තා.

"කරුණාකර මගේ තාත්තාගේ නිවසේ ගින්නක් නිවා දැමීමට අපට උදව් කරන්න!".

සුළු මොහොතකට පසු කුඩා පිරිසක් පිටතට පැමිණි අතර ඉතිරි අය හැසිරුණේ උදව් ඉල්ලා කෑගැසීම නොඇසුනාක් මෙනි.

ආපු අය රෑ වෙනකම්ම කෑවා බිව්වා.

තුෂ්නිම්භූත වූ පියා තම දියණිය දෙසට හැරී ඇයට මෙසේ කීවේය.

"ආපු අය මම යන්තම් හඳුනනවා, සමහර අය මම මීට කලින් කවදාවත් දැකලා තිබුණේ නැහැ, ඉතින් කෝ අපේ නෑදෑයෝ, යාළුවෝ, අසල්වැසියෝ?".

දුව කිව්වා.

“ගෙදරින් එළියට ආපු අය ආවේ අපේ ගෙදර ගින්නක් නිවන්න උදව් කරන්න මිසක් පාටියට නෙවෙයි.

අපේ ත්‍යාගශීලීත්වය සහ ආගන්තුක සත්කාරය ලැබිය යුත්තේ මේ අයයි."

නිගමනය:

ඔබේ අරගලයේදී ඔබට උදව් නොකරන අය, ඔබේ ජයග්‍රාහී සාදයේදී ඔබ සමඟ නොකෑ යුතුයි!!

උපුටා ගැනිමකී

1 view

Comments


bottom of page