top of page
Search

ජීවිතේ මගහැරුනොත් නම් ඉතිං සොරි ම තමයි..

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Feb 4, 2022
  • 4 min read

දැනට අවුරුදු ගානකට කලින්, මට රස්සාවයි ජීවිතෙයි අතර ලොකු ගැප් එකක් තිබ්බේ නැහැ, කොටින්ම කිව්වොත් රස්සාව ජීවිතේ කරගෙන, ජීවිතේම රස්සාව වෙලා තිබ්බේ.☹️


මළ ගෙවල්, මගුල් ගෙවල් දානේ ගෙවල්, get together, ට්‍රිප් විතරක් නෙමෙයි,සමහර වටිනා යාළුවො පවා ඔය රස්සා කෙරුවාව නිසා නැතිවෙලා තියෙනවා.


ගෙදර තත්වය මොකක් උනත් මං සීට් එකේ නැති උනොත් කොම්පැණිය වහන්න වෙයි කියලා තමයි මං හිතන් හිටියේ.😂


ඔන්න ඔහොම රස්සාව ඔලුවේ උඩ හරියෙම තියන් වැඳ පුදාගෙන පුද පුජා කරගෙන එහෙම ඉන්නකොට දවසක් හරි අමුතු දෙයක් උනා,


මමත්, අපේ බෝස්ගේ කැබින් එකේ ඉන්න වෙලාවක අලුතෙන් ආපු මැනේජර් කෙනෙක්, නිවාඩු ඉල්ලගෙන ආවා,

ඇත්තටම ඒ දවස් ටික ඔෆිස් එකේ වැඩ වැඩිම දවස්, බොස් කොහොමටවත් ඒ නිවාඩු අනුමත නොකරන බව ඉර හඳ වගේ ෂුවර් නිසා එහෙම බෑ කිව්වම මැනේජර්ගේ සුදු මූණ එකපාරට කළු වෙන හැටි බලන්න හිතාගෙන මං ඉතින් පොර දිහාම බලන් හිටියා.


⚡️දවස් තුනක් නේද? මොකද්ද උවමනාව, විශේෂ දෙයක්ද?


ඔව් බොස් මේක අපේ පවුලේ ට්‍රිප් එකක්, හැම අවුරුද්දේම හැමෝම එකතු වෙලා යන annual ට්‍රිප් එක. මැනේජර් සත පනහක බරක් නැතිව කිව්වා.


මේ වැඩ කටටම හිරවෙලා තියන වෙලාවේ මොන ට්‍රිප් ද අයිසේ, කියලා ඇහෙයි කියලා හිතද්දීම..🙇🏼‍♀️🙇🏼‍♀️


, "ඒක හරි, family first "මිනිහෙක් උනාම ජීවිතේ විඳින්න්නත් ඕනෙ, ඒක මිස් උනොත් මොනවා හම්බ කලත් වැඩක් නෑ, ඔයා යන්න, We can manage right anisha?


⚡️ඉතින් ඔන්න ඔහොමයි උනේ,අන්න එදා තමයි මන් රස්සාවක් කරන්න ඕන විදිහ හරියටම ඉගනගත්තේ.


පස්සේ නිවී සැනසිල්ලේ හිතලා බැලුවම බොස් වත් මැනේජර් වත් නෙමෙයි වැරදි,මටයි වැරදිලා තිබ්බේ, මමයි පටලවන් හිටියේ.


එදා මම පටලවගත්ත ටික තාමත් පටලවාගෙන ඉන්න අය ඕන තරම් ඉන්නවා, අනේ දෙයියනේ කියලා දැන්වත් පැටලුම් ඇරගන්න,නැතතම් අද නැතත් කවදාහරිම දවසක ඔයාටත් මන් අහගත්ත ටික අහගන්න වෙනවම තමයි.


මිනිස්සු උනහම ජීවත් වෙන්න සල්ලි හම්බකරන්න ඕනෙ,හැබැයි ඒ හම්බකරන සල්ලි වලින් ජීවත් වෙන්න කාලයක් වෙන් කරන්නත් ඕනෙ.. ඒකයි ක්‍රමය..


තමන්ගෙ කාළය හරියට කළමනාකරණය කරගන්න බැරුව මොන උපාධි ගැහුවත් මොකටද ?

කළමනාකරණය කියන්නේ, කලට මනාවට කිරීම ,


එකේ තේරුම රස්සාවට අදාල කාලය ඇතුලේ රස්සාවේ වගකීම් ටික කරගන්න ඔයා දක්ෂ වෙන්න ඕනේ කියන එක.එතනට ගිය වෙලාවේ ඉඳල, වටේම ඉන්න අයත් එක්ක ඕපදූප කියවල, ටෙලිපොනේ එකේ එල්ලිලා ඉඳල වැඩ ගොඩ ගැහුණම ඒ වැඩ උස්සන් ගෙදර ආවම වෙන්නේ.. රස්සාවයි පව්ද්ගලික ජීවිතෙයි දෙකම නැති නාස්ති වෙලා යන එක.



....................👇👇👇...................


🔴 නියමිත වෙලාවට රැකියාවට යන්න.


(කලින් යාම මගින් ආයතනය දිනපතා ඔබගේ කලින් පැමිණීම බලාපොරොතු වීම ඔබට අවාසි විය හැකි අතර, ප්‍රමාධ වී පැමිණීම දවස පුරාම ඔබව පීඩනයෙන් පෙළන අතර විනයනුකූලද නොවේ.)


🔴 වැඩ කරන කාලය තුල ,පව්ද්ගලික වැඩ කිරීම නවතා දමන්න.( දරුවන්ගේ පාසලේ වැඩ , අන්තර්ජාලයේ සැරිසැරීම වැනි..)


🔴 රැකියා ආයතනය තුල කේලම් කීම, කේලම් වලට සවන්දීම ඔපදුප කියවීම නවතා දමන්න.


🔴 රැකියාවේ සහ තනතුරේ වගකීම අවබෝධ කරගන්න .ඔබේ වගකීම් එකිනෙකාගේ පිට පැටවීමට නොගොස් ඔබේ රාජකාරි විසින්ම සිදු කරන්න.


🔴ආයතනයේ මිතුරන් සමග ඉතා තද සහ කිට්ටු සම්බන්ධත පැවැත්වීම අවම කරගන්න .මන්ද එය ඔබගේ සහ ඔවුන්ගේ තනතුරේ වගකීම වලට බාධාවක් විය හැකිය.


🔴 පව්ද්ගලික ජීවිතයේ තොරතුරු ප්‍රශ්න රැකියා ආයතනයේ කතා කිරීම සීමා කරන්න.

( සැමියාගේ බිරිඳගේ අඩුපාඩු, පවුල් ආරවුල් , දරුවන්ගේ ප්‍රශ්න වැනි දෑ ..)


🔴 ඔබගේ සියලු වැටුප රැකියාව වෙනුවෙන්ම වැය නොකරන්න.( බොහෝ අය මුළු පඩියම වැය කරනු ලබන්නේ වැඩට යාමට අවශ්‍ය ඇඳුම් සපත්තු බෑග් මිලදී ගැනීමටය)


🔴 ආයතනයේ ඉහල නිලදාරීන් සමග රැකියාවෙන් ඔබ්බට සම්බන්දතා පැවැත්වීම අවම කරන්න.


🔴 ඔබ කුමන ආයතනයේ කුමන තනතුර දරුවත් , වැඩිදුර අධ්‍යාපනය , හෝ ඉහලට යාමේ සිහින දැකීම අත නොහරින්න .


🔴එකම ආයතනයක අනාගතය පැහැදිලි නැති විටක රැකියාව වෙනස් කිරීමසඳහා ඕනෑම වෙලාවක සුදානමින් සිටින්න.


🔴 උදේම වැඩට ගොස් මහ රෑ වෙනකම් වැඩ කරමින්, තමාට අදාල නොවන රජකාරීන්ද කරමින් මුළු ජීවිතයම රැකියාවට කැප කරන ලද බොහෝ මිනිසුන් පවා, හේතුවක් ඇතුව හෝ නැතුව රැකියාවෙන් එලියට විසි වුනු අවස්ථා බොහෝමය.

එනිසා ඔබ වැඩ කරන ආයතනය ට ප්‍රේම කිරීමෙන් වැළකී සිටින්න.මන්ද, ආයතනය ඔබට ප්‍රේම කිරීම නවතා දැමීම ඕනෑම මොහොතක සිදු විය හැකිය.


🔴 ප්‍රධානම දේ නම් රැකියාව ඔබේ රාජකාරී කාලය තුලට පමණක් සීමා කරන්න.


🔴 රැකියාවෙන් පසු වැඩ කිරීම, නිවසට ගෙනවිත් වැඩ කිරීම නිවාඩු දවසේ වැඩ කිරීම මගින් ඔබට පමණක් නොව ඔබගේ, සැමියාගේ බිරිඳගේ, දරුවන්ගේ සතුටටද එය මහා ලොකු බාධාවක් බව සිහියට ගන්න..


🔴 රැකියාවේ ප්‍රශ්න එතැන තබා ගෙදර එන්න. ඔබගේ රැකියාවේ පීඩනය, ඔබේ දරුවාට හෝ නිවසේ තනිවී සිටින බිරිඳට තවත් පීඩනයක් නොකිරීමට වග බලා ගන්න.


🔴 බොහොමයක් පවුල් ප්‍රශ්න,අනියම් සබඳතා වලට මුලික හේතුවද තමාට අනෙකා වෙනුවෙන් කැපකිරීමට කාලය නොමැති වීම වන අතර , අවසානයේ මන් ඉතින් මේ තරම් රස්සාවට කැපවුණේ ඔයාල නිසානේ කීම පල රහිතය .


🔴 ඔබ නිවසට පැමිණි විට ඔබේ අයිතිය, ඔබේ පවලට ලබා දෙන්න. ඔවුන්ගේ සතුට වෙනුවෙන් ඔබගේ කාලය වැය කරන්න.


🔴 ඔබ කොතරම් රැකියවෙන් සාර්ථක වුවත් ඔබගේ නිවැසියන් ඉන්නේ ඔබ නිසා පීඩාවෙන් නම් ඔගේ උගත්කමෙන් වත් ,රැකියාවෙන් වත් ,මිල මුදල් වලින් වත්, කිසිදු ප්‍රයෝජනයක් නැති බව STEVE JOBS මහතා පවා අවසානයේ තේරුම් ගත් බව මතක තබා ගන්න.



මිනිස්සුන්ට ඒ කාල රාමුව ඇතුලේ කරන්න පුළුවන් වැඩ කොටසක් විතරක් දෙන්න බොස්ල උනත් උනන්දු වෙන්න ඕනේ.

නැත්තම් වෙන්නෙ PRODUCTIVITY එක නැතිවෙනවා විතරක් නෙමෙයි රස්සාවේ පීඩනය දරාගන්න බැරි වුනු මානසික ලෙඩ්ඩු ටිකක් බිහිවෙන එක.කාලරාමුවට දරාගැනීමට නොහැකි තරම් වැඩ වැඩි රස්සාවක් නම්, රස්සාව මාරු කරන්න.


අපේ ඔෆිස් එකේ ඉන්නවා දෙතුන් දෙනෙක් කොච්චර රස්සාවටම ඇබ්බැහි වෙලාද කියන්නේ උන්ට හරි කාලේදී කසාද බඳින්නත් අමතක වෙලා..එයාලත් නොදැන එයාල වයසට ගිහිං,තවත් සමහරු සහෝදරයාගේ මගුලට ගිහිං නැහැ, ආච්චිගේ මලගෙදර ගිහිං නැහැ, යාළුව බලන්න ඉස්පිරිතාලෙට ගිහිං නැහැ, ළමයාගේ කොන්සට් එක බලන්න ගිහින් නැහැ, කොටින්ම කිව්වොත් ජීවිතේ ආයෙත් නොඑන කිසිම අවස්ථාවකට සහභාහි වෙලා නැහැ රස්සාව නිසා..


අපිට අමතක උනාට, අවසානයේ අපි මේ හැමදේම කරන්නේ සතුටින් ජීවත් වෙන්න.රස්සාව නිසා අපේ සතුට සැනසීම නැතිවෙනවානම් ඒක රස්සාවක් නෙමෙයි කරුමයක්.ඒ කරුමය නිසා ඔබ විතරක් නෙමේ ඔබේ ආදරණීයයන් පවා දුක් විඳිනවා.


මොකද ගෙදර එක්කෙනෙක් ඉන්නෙ පීඩනයෙන් නම් මුළු පවුලේම සතුටට ඒක ඍජුවම බලපානවා.


පව්ද්ගලික ජීවිතය උස්සන් වැඩට යාමත් රස්සාව උස්සන් ගෙදර ඒමත් නවතා දමා ,


රස්සාවක් කිරීමට ජීවත් වන මිනිසෙකු නොවී ජීවත් වීමට පමණක් රස්සාවක් කරන්න..


මොකද, රස්සාව නැති උනොත් තව එකක් හම්බෙයි, ජීවිතේ මගහැරුනොත් නම් ඉතිං සොරි ම තමයි..🙏🏾

අනිශා ජයකොඩි✍


තෙරුවන් සරණයි !



 
 
 

Comments


bottom of page