top of page
Search

තිලාපියා මතස්‍ය සමෙන් ප්‍රතිකාර කිරීම

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Dec 27, 2022
  • 1 min read

තිලාපියා නම් මතස්‍ය විශේෂයේ සමෙහි අධික තෙතමනය සහ කොලැජන් අඩංගුය.

මේ හේතුවෙන් බ්‍රසීලයේ වෛද්‍ය පර්යේෂකයන් පිරිසක් විසින් පිළිස්සුම් තුවාල වලට ප්‍රතිකාර කිරීම සඳහා තිලාපියා මතස්‍යයන්ගේ සම භාවිතා කර තිබුණා.

බ්‍රසීලයේ ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් කණ්ඩායමක් විසින් තිලාපියා මසුන්ගේ සම යොදාගෙන පිළිස්සුම් තුවාල සහිත රෝගීන් 56 දෙනෙකු සුව කර තිබුණා.

පිළිස්සුම් තුවාල සහිත පුද්ගලයන්ගේ තුවාල ගෝස් හෝ වෙලුම් පටි වලින් ආවරණය කරනවාට වඩා මෙසේ තිලාපියා මතස්‍ය සමෙන් ආවරණය කර ප්‍රතිකාර කිරීමෙන් රෝගීයාට දැනෙන වේදනාව අඩු බවත් මෙහිදී සොයා ගෙන තිබුණා.

මෙම අත්හදා බැලීම වඩා ඵලදායී බව සනාථ උවහොත්, නුදුරු අනාගතයේදී දුෂ්කර සහ දුප්පත් ජනතාව වෙසෙන ප්‍රදේශ වලට මෙම ප්‍රතිකාර ක්‍රමය හඳුන්වාදිය හැකි බවයි වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ.

මිනිස් සම හෝ අනෙකුත් සතුන්ගේ සම් වලට වඩා තිලාපියා මසුන්ගේ හම තුල කොලැජන් 1 සහ 3 ප්‍රෝටීනය වැඩි ප්‍රමාණයකින් අන්තර්ගත වන බව නිරීක්ෂණය කළ බවයි පර්යේෂණ ප්‍රධානී වෛද්‍ය එඩ්මාර් මැසීල් ප්‍රකාශ කළේ.

මෙම ප්‍රතිකාරය, දැනට පවතින පිළිස්සුම් තුවාල සඳහා කරනු ලබන ප්‍රතිකාර වලට වඩා වඩා ලාභදායී බවද ඔහු ප්‍රකාශ කළා.



 
 
 

Comments


bottom of page