ලෝකයෙ තියන තවත් සිත් ගන්නා සුලු වගෙම ඉතාමත් ජනප්‍රිය කතාවක් තමා ඩී බී කූපර්ගෙ කතාව. ඇත්තටම ඩී බී කූපර් කියන්න පුද්ගලයා හා බැඳුන කතාව 1971 වර්ශය දක්වා දිව යනව. ඒ කියන්නෙ මීට වසර 51කට පෙරයි.
1971 වර්ශයේ නොවැම්බර් 1 දින කිසිවෙකු හදුන්නෙ නැති වයස අවුරුදු 40ත් 50ත් අතර පුද්ගලයෙක් පෝට්ලන්ඩ් වල ඔරිගන්හි තිබෙන ඔරියන්ට් ගුවන් සේවයෙ ටිකට් පත් නිකුත් කරන ටිකට් කවුන්ටරය වෙත පැමිනෙනව. කවුන්ටරයෙ සිටි සේවිකාවකට ඔහු ඩෑන් කූපර් යැයි පවසා වොශින්ටන් වල සියැටල් ටකෝමා දක්වා විනාඩි 30ක ගුවන්සැරියක් තිබෙන 305 (බොයින් 727) ගුවන් යානයෙ ආසනයක් වෙන් කරවාගන්නවා. ඔහුගෙ හැඩහුරුකම් ඉතාමත් ප්‍රිය මනාපයි. මක් නිසාද වැදගත් මහත්මයෙක් මෙන් කලු කලිසමක් කෝට් එකක් මෙන්ම යටට සුදු කමිසයක් ඇඳල කලු ටයි එකකින් සැරසී සිටි නිසා.
ඔහු අතෙ සූට් කේස් එකක්ද තිබුනා. මෙ විදියට එතනින් නික්ම අන ඩැන් කූපර් ගුවන් යානයට ගොඩ වෙනව. ගුවන් යානය පස්වරු 2.50ට පිටත් වූ පසු ඩැන් කූපර් නම් තැනත්තා ගුවන් යානයෙ සිටි වයස 23ක සේවිකාවක් වූ ෆ්ලොරන්ස් ශාෆ්නර්ට ඒ අසලින් යන විට ලියුම් කැබැල්ලක් බිමට අතාරිනව. ඇය කඩදාසි කැබැල්ල ඩැන් කූපර්ට අරන් දෙන්න නැමෙන අතරෙ ඩැන් කූපර් සේවිකාව වෙත ලන් වී රහසින් පවසන්නෙ "මගෙ සූට්කේස් එක තුල බෝම්බයක් තිබෙනව. මා අසලින් ඔබ වාඩි වෙන්න" යනුවෙනුයි.
සේවිකාව බිය වූ අතර ඔහු අසලින්ම වාඩි වෙනව. ඒ මොහොතෙ ඩැන් කුපර් සූට්කේස් එක විවෘත කරල සුට්කේස් එක තුල තිබු බොම්බය ඇයට පෙන්නනව. බිමට වැට්ටූ ලියුම් කැබැල්ලෙ සම්පුර්ණම කැපිටල් අකුරින් යමක් ලියා තිබුනා. ඒ දෙ සේවිකාව කියෙව්වයින් පසුව නැවතත් කඩදාසිය ඩැන් කූපර් තමා අතට ගන්නව.. එම ලියුම් කැබැල්ලෙ තිබුනෙ මොකක්ද කියන එක අදටත් කවුරුත් දන්නෙ නැ මොකද බොම්බය දැක බියට පත් වූ සේවිකාවට පසුව එය මතකයෙ තිබුනෙ නැහැ.
ඩැන් කූපර් ගුවන් සේවිකාවගෙන් යම් දෙයක් ඉල්ලනව . ඒ ප්ලෙන් එකෙ ඉන්න අයගෙන් ඩොලර් ලක්ශ දෙකක මුදලක් සහ පැරශුට් 4ක්. ඇය මේ බව යානාවෙ කපිතාන්ට වාර්තා කල අතර කපිතාන් සියැටල් ටකෝමා වල මෙහෙයුම් කාර්ය මන්ඩලයට මෙන්ම FBI එකට දන්වනව. ඔවුන් කියා සිටියෙ කලබලයක් නොවෙන අන්දමට යානය අහසෙම තියාගන ඔහු ඉල්ලන දේවල් සපයන්න කියලයි. ඒ අතරතුර ඔවුන්ට හැකියාව ලැබෙනව බැරි වෙලාවත් ඩැන් කූපර් ප්ලෙන් එකෙන් පැන්නොත් වැටෙන තැන බලල අල්ලගන්න. ඉතින් ඒ සැලසුමට අනුව ක්‍රියාත්මක උන කපිතාන් ගුවන්යානයෙ සියලුම දෙනාගෙ මුදල් එක්කාසු කරල ඩැන් කූපර්ට බාර දෙනව. ඒ කාලෙ ඩොලර් ලක්ශ 2ක් කියන්නෙ වර්තමානයෙ ඩොලර් මිලියන 1.3කටත් එහා ගිය මුදලක්
මෙලෙස පැය 2ක් පමණ කාලයක් අහසෙ ගමන් ගන්නා අතර ගුවන් යානයෙ සිටි මගින් 36 දෙනා ප්‍රාණ ඇපයෙන් නිදහස් කරන්නෙ ඔහුට අවශ්‍ය සල්ලි සහ පැරශුට් ලබා දුන් පසුවයි. එහෙත් ගුවන් යානාවෙ නියමුවන් දෙදෙනා සහ කාර්ය මන්ඩලය ගුවන් යානයෙම තබාගන නැවත ඉන්දන පුරවා ආ ගමන් මගේම නැවත පියාසර කරන ලෙසට ඩැන් කූපර් අණ කරනව.. ඔහු ලංග බොම්බයක් තිබෙන නිසා fbi එකට ගුවන් යානයට කිට්ටු වීමයද හැකියවක් නැති නිසා අවසන් තිරණය වශයෙන් ගුවන් යානය ගුවන් කත කල අතර රාත්‍රි 8 පමණ වෙනකම් ගුවනෙ රැඳි සිටිනව. ගුවන් යානය ගමන් ගන්නෙ ඩැන් කූපර්ගෙ අණට අනුවයි. ඔහුගෙ කීමට අනුව අඩි 10,000ට නොඅඩු උසකින් නෝට් 200ට අඩු වේගයකින් ගුවන් යානය ගමන් ගත යුතුයි. ඉතින් කාලගුණයත් එතරම් සුබ වෙලාවක් නෙමෙයි මේක.. අකුනු ගහන වැහි බර කාල ගුණයක් තමා දක්නට ලැබුනෙ.
ඉතින් කිසිම පලපුරුදු පැරශුට් කරුවෙක්වත් නොගන්න අවදානමක් අරගන මෙ කාලගුන තත්වය තියෙද්දිම ගුවන් යානයෙන් සල්ලිත් අරගන ඩැන් කූපර් පනිනව. FBI එක හිතුවෙ මෙයා මේක කලින් දැනගන සැලසුම් කරල කලා කියල . ඒත් මෙ වගෙ අවස්තාවක පනින එක මෝඩ වැඩක් කියල හිතල ඔහු පතිත වෙන ප්‍රදෙශය පුරාම සෝදිසි කරන්න ගත්තත් ඩැන් කූපර් ගැන කිසිම දෙයක් සොයාගන්නට ලැබුනෙ නැ ඔහු ගුවන් යානයෙ දමා ගිය ටයි පටිය හැරුනකොට. ඉතින් වසර 5ක් ගත වෙලා ගියත් කූපර් ගැන කිසි දෙයක් සොයාගන්න FBI එකට හැකි වෙන්නෙ නෑ. ඒත් සැක කරුවන් 800ක් පමණ ඔවුන්ට ඒ කාලය අතරවාරයෙදි හමු උනත් ටයි පටියෙ DNA නොගැලපීම සහ පෙනුමෙ අසමානකම් හේතුවෙන් අත ඇරල දානව..
fBI එක ආපු නිගමනය තමා දැනටමත් ඩැන් කූපර් මිය ගිහින් කියන එක. කැලෑබද පරිසරයක් මතට පැනීම , පාලනය කල නොහැකි පැරශුට් එකක් පැලද සිටීම වගෙ දේවල් නිසා ඔහු මිය යන්නට ඇතැයි අනුමාන කලා.
ඉතින් සිද්දියෙන් වසර ගණනාවකට පසු 80 දශකයෙදි මෙ ආශ්‍රිතව තිබිලා ඩොලර් 20 නෝට්ටු මිටියක් ළමයෙකුට හම්බ වෙනව. ඒ නිසා නැවත වාරයක් ක්‍රියාත්මක වූ පරික්ශකවරුන්ට ඊට එහා දෙයක් සොයාගැනිමට හැකි නොවු නිසා මෙ ඩොලර් 2700ක් පමණ වටින 20 කොල මිටිය ඒ ළමයටම දෙනව.. පස්සෙ කාලෙක ඔහු ඒ නෝට්ටු විකුනලා ඩොලර් 37,000ක් උපයාගැනිමට සමත්කම් දක්වනව
ඉතින් ඒ කොහොම උනත් සිද්දියෙන් පස්සෙ අනිත් හොරුන්ට හොරකම්.කරන්න බැරි වෙන්න බොයින් 727 ගුවන්යානා සියල්ලටම ගුවන්ගත උනාට පස්සෙ දොර අරින්න බැරි වෙන්න ආරක්ශිත අගුලක් සවි කරනව "Cooper Vanes" කියල
මොහු හදුන්වන නම මන් මුල ඉඳන්ම කිව්වෙ ඩැන් කූපර් කියලනෙ. ඉතින් ඩැන් කූපර් DB කූපර් උනෙ කොහොමද කියල හිතනව ඇති.. ඒකට හේතුව තමා මාද්‍ය විසින් ඩැන් කූපර්ගෙ නම ඩී. බී කූපර් යනුවෙන් ප්‍රචලිත කිරීම.
2016 වසරෙදි ඩැන් කූපර්ගෙ මෙ අභිරහස විසඳන එක පරික්ශකවරු විසින් සම්පුර්ණයෙන්ම අත්හිටුවලා දානවා. තව දුරටත් ඒක නොවිසදුන අභිරහසක් විදියට නම් කරමින්
ඉතින් 1971 ඔහුට වයස 40ක් කියන්නෙ තව දුරටත් ජීවත් වෙලා හිටියා නම් අද වෙනකොට වයස අවුරුදු 91ක්. ඔහු ගැන සොයා යාමට තිබෙන සාක්ශි සියල්ලම.මෙ වෙනකොට මැකි අවසන් කියල තමා හිතන්න වෙන්නෙ

Comments