
මට පොඩි කාලේ ඉඳන්ම තිබ්බ ලොකු ප්‍රෙහේලිකාවක් තමයි ඔය ලෝක ප්‍රකට විශ්ව විද්‍යාල වල ඇත්තටම කොහොමද උගන්නන්නේ කියල. Harvard,Oxford, Stanford වගේ විශ්ව විද්‍යාලවලට ඇත්තටම ළමයි යන්න පොරකන්නේ සහ ඔච්චර සල්ලි වියදම් කරන්නේ මොකද කියන එක මට ලොකු ප්‍රශ්ණයක්. මගේ පැටිකිරිය දන්න අය දන්නවා ඉතිං මං කවදාවත් පිටරට විශ්ව විද්‍යාලයක හරි පුද්ගලික විශ්ව විද්‍යාලයක හරි ඉගෙන ගෙන නෑ. මට ඒ කාලෙ ඉඳන් Harvard විශ්ව විද්‍යාලය මොකද වෙන්නේ කියල දැන ගන්න පුදුම උණක් තිබ්බේ. මං ඔය online තියන Harvard සම්භන්ද වෙබ් අඩවි ගොඩක් ඒවයේ එවන Newsletters වලට එහෙම Subscribe කරල තිබ්බේ ඔය උණ හින්දමයි. මං ඒකෙ මහාචාර්‍යවරු කිහිපදෙනෙක්ම දන්නව උනාට මිත්‍රවරුනි කටක් ඇරල කියන්න පුලුවන්ද මට පොඩාක් ඕගොලොන්ගෙ විශ්ව විද්‍යාලයේ උගන්නන විදිය බලන්න ආසයි කියල.
මට ලඟදි ඉතාම අහම්බෙන් Harvard විශ්ව විද්‍යාලයේ එක දේශනයකට විතරක් වාඩි වෙන්න අවස්තාවක් හම්බ වුණා. අවථාවක් කිව්වට ඉතිං එහෙට ෆුල් කනා ශොට් එකක් තමයි. පැරගුවේ කියන රටේ ක්ෂුද්‍රජීව විද්‍යාව හදාරන මගේ යාලුවෙක් (Walter) මට බොස්ටන් නුවරදි ඔහුගේ යාලුවො සෙට් එක හදුන්වල දුන්නා. ඩියෑන කියල එක යාලුවෙන් හාවර්ඩ් වල “අධ්‍යාපනය කියන විශය” ගැන ඉගෙන ගන්නවා. ඉතිං මං කෑම කන ගමං Harvard ගැන එක එක විස්තර ඇහුවා. මං ඇහුවා පිට කෙනෙක්ට ඇවිල්ල ලෙක්ටර් එකකට වාඩි වෙලා බලන්න බැරිද කියල?. කල්පනා කරල ඩියෑන කිව්වා එහෙම ඉතිං යන්න බෑ. මං ප්‍රොෆෙසර්ගෙන් බලන්නං කියල. මේ කතාව වෙද්දි රෑ 8ට විතර ඇති. ලෙක්ටර් එක තියෙන්නේ පහුවෙනිදා උදේ 9ට.
ඩියෑන ප්‍රොෆෙසර්ට ඊ මේල් එකක් දාල ඇහුව මෙහෙම ලංකාවෙන් ආපු එක්කෙන් ඉන්නවා හෙට ලෙක්ටර් එකට ආවට කමක් නැද්ද කියල. මං මේ කියන්නේ Harvard වල අධ්‍යපනය ගැන තියන මාස්ටර්ස් (Masters) ප්‍රෝග්‍රෑම් එක ගැන හරිය. ප්‍රොෆෙසර් කියල තිබ්බා මගේ ප්‍රොෆ්ල් එක එවන්න කියල. කම්පුටරේ අතේ තිබ්බේ නෑ. අමාරුවෙන් phone එකේ ඊ මේල් එකෙන් කලින් කාටද යවපු update නැති මගේ ප්‍රොෆිල් එක සෙනිකව මං යැව්වා. මිනිත්තු කිහිපයකින් ප්‍රොෆෙසර් ඩියෑනට පණිවිඩයක් දීල තිබුණා. “එන්න කියන්න හැබැයි එක කොන්දේසියක් මත.. දේශණය මැද්දේ ප්‍රශණ අහන්න බෑ. එකඟ නං ආවට විරෝධයක් නෑ” කියල. මාහාචාර්‍ය තුමාගේ නම තමයි Fernando Reimers (ෆර්නෑන්ඩො රෙයිමර්ස්). Fernando උණාට මගේ නෑදෑයෙක් නෙවෙයි. මගේ ඉතිං ඉහේ මලක් පිපුණ වගේ. ඩියෑන මට Lecture hall එකේ ලොකේෂන් එක එවල තිබ්බා. දේශන ශාලාවේ නම Longfellow කියල.
මගේ උනන්දුව සහ එක්සයිට්මන්ට් එක කොච්චරද කියනවනං උදේ 9 තියන දේශනයට උදේ 7.30 වෙද්දි මං දේශන ශාලව ගාව. බොස්ටන් නුවර උදේ පාන්දර පුදුම සීතලයි. සීතලට පෑනක් අල්ලන්න බැරි වෙන තරමට මගේ ඇගිලි තුඩුත් ගල් වෙලා. මං එච්චර කලිං එන්න හේතුවක් තිබ්බා. මං හිතුවා මට Harvard විශ්ව විද්‍යාලේ හැදුනුම්පතක් එහෙම නැති නිසා මාව security එකෙන් එහෙම නවත්ත ගත්තොත් පරක්කු වෙලා යන එක හොද නෑ නේ සහ අතරම මගදි මොකක් හරි වුණොත් වෙලාවට යන්න ඕන නිසයි සීතල තද වුණාට කලින්ම ආවේ. ඇත්තටම ඉතිං හාර්වර්ඩ් දැක්කම තමයි මට උතුර දකුණ මාරු වුණේ. ඒක නගරයක්. security කියල පුලුටක් නෑ. ඕන කෙනෙක්ට ඇතුලට යන්න එන්න පුල්වන් නගරයක්.. එකේ කඩ තියනවා, බස් යනවා වගේ සාමාන්‍ය ජීවිතය යනවා. හරියට අර කොළබ විශ්ව විද්‍යාලයේ පිට්ටනියයි ශාස්ත්‍ර පීටයයි අතරින් 138, 154 බස් යනවා වගේ මේකෙ හතර අතේ පාරවල් සහ විශ්ව විද්‍යාලෙට අදාල අනුබද්දා ආයතන හැම තැනම.
දේශන ශාලව හරියටම හරි හරි කියල තහවුරු කර ගත්තට පස්සේ මං ඉතිරි වෙලාවේ ඒකේ තියන Courtyard වල එහෙම ඇවිදල නොයිවසිල්ලෙන් හිටියේ මොකක්ද මේ Harvard වල සිස්ටම් එක කියල දැන ගන්න. ඩියෑන ඇවිල්ල මාව Harvard එකේ කැන්ටිමට එක්කන් ගියා. කැන්ටිමක් කිව්වට ඉතිං ඒක නිකං රෙස්ටුරන්ට් කිහිපයක එකතුවක් වගේ. කෝපි එක එහෙම අරං දීලා 8.50 වෙද්දි දේශන ශාලව ගියා. යනකොටත් ප්‍රොෆෙසර් ෆර්නෑන්ඩො ඇවිල්ල. ඩියෑන මාව ප්‍රොෆ්සර්ට හදුන්වල දුන්න. වැඩේ පටන් ගත්තා. අධ්‍යාපනයේ structure එක ගැන තමයි දේශනය. ඉගෙන ගැනීමට පහසු වෙන අධ්‍යාපන ආකෘතියක් හදන්නේ කොහොමද කියන එක තමයි අවධානය.
පංතියේ පුටු හදල තිබ්බේ කණ්ඩායම් විදියට වාඩි වෙන්න. වේදිකාවක් නෑ. මහාචාර්‍යතුමාට කණ්ඩායම් අතරින් ඇවිදන් යන්න පුලුවන්. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ ලාංඡනය ගහපු පෝඩියම් එක් තියනවා. ඒකේ මැද්දේ අලුත් තාක්ෂණයෙන් යුත් Web කැමරාවක් තියනවා. විශාල ප්‍රොජෙක්ටර් දෙකක් පංතිය දෙපැත්තේ හැබැයි මුකුත් ප්‍රක්ෂේපනය කරල නෑ. අලුත්ම විදියේ විශාල සුදු පුවරු ටික දෙපැත්තේ තමයි project කරන්න හදල තොයෙන්නේ. පුටුවල යට ලමයින්ට බෑග් සහ ඔවුන්ගේ පුද්ගලික භාන්ඩ තියා ගන්න පුලුවන් පුටු වර්ග වගේම පන්තියේ එක තීරුවක බාර් ස්ටුල් වගේ ඒවත් තියල තියනවා. පරිඝනක වලට විදුලි සැපයුමට මේස වල සහ බිත්ති වල ප්‍රමානවත් තර්ම් ප්ල්ග් පොයින්ට්. කැමති කෙනෙක්ට කැමති තැනක වාඩි වෙන්නෙ පුලුවන්. මාත් ගිහිල්ල කෙලවරක තිබ්බ පුටුවක ඩියෑනට එහා පැත්තේ වාඩි වෙලා වැඩිය වට පිට බලන්නෙ නැතුව හිටියා. පංතියේ ලමයි 45 ක් විතර ඉන්න ඇති.
Harvard වලට යන නිසා මං ඉතිං කමිසය එහෙම යට කරල සපත්තු එහෙම පොලිශ් කරල වැදගත් විදියට ගියේ. ප්‍රොෆෙසර් ටයි එකක් දාල කෝට් එකක් ඇදල හිටියේ. ලමයි නං සීතලට ගැලපෙන විදියේ විවිධ ඇදුම් ඇදගෙන හිටියා. සමහර ලමයි කලින් එනවා.. සමහරු පරක්කු වෙලා එනව කිසිම ගැටලුවක් නෑ. මම හිටපු කණ්ඩායමේ ළමයින්ටමම 'hello" පාරක් එහෙම දාල කලින්ම කිව්වා මං ඩියෑනගෙ යාලුව මං මේ නිකං ලෙක්ටර් එක බලන්න ආවේ කියල. ප්‍රොෆෙසර් lecture එක පටන් ගත්තා. ඔහු කිසිම සටහනක් බලන්නේ නැතු කිසිම powerpoint slide එකක් භාවිතා කරන්න්නේ නැතුව තමයි දේශනය කරන්නේ. අතේ පොඩි කොල කෑලි වල පිළිවෙළට point form එකෙන් කරුණු ලියාගෙන තියනව වගේ මං දැක්කා. ඔහුගේ දේශනය ගලාගෙන යන ගඟක් වගේ. ඒක ඇත්තම කතාවක් සහ සංවාදයක් අතර සංකලනයක්.
ඔහුගේ කතාවේ අන්තර්ගතයේ තියෙන්නේ තියරිය සහ ප්‍රායෝගිකව ඔහු විවිධ රටවල් වල අධ්‍යාපනය ගැන කරපු ප්‍රතිසංකරණ වල අත්දැකීම් කලවං කරල තමයි කතාව කියන්නේ. ඔහු දේශනය එක දිකට කරගෙන යද්දි පන්තියේ තැන් තැන් වල ඉන්න ඇමරිකාවේ, යුරෝපයේ, අප්‍රිකාවේ විවිධ රටවල් වල ලමයින්ගේ අත් එකින් එක උඩ යනවා ප්‍රශ්ණ අහන්න. හැබැයි අත ඔසවපු පමණින් ඔහු දේශනය නවත්තල ප්‍රශ්ණය අහන්න ඉඩ දෙන්නේ නෑ. ඔහුගේ කතාවේ විරාමයේදි ඔහු ලමයිගෙ ප්‍රශ්න අහන්න කියල උත්තර දීල නැවත දේශනය ඉස්සරහට අරං යනවා. පන්තියේ කෙලවරේ ඉන්නව ප්‍රොෆෙසට සහය දෙන සහයක ඩැනී කෙනෙක්. ඔහු ටක් ගාල ප්‍රශ්ණ අහන්න ඕන අය ගාවට මියික්‍රෆොනය අරං එනවා. ඔහුගේ දේශනයේ තියන විශේශත්වය තමයි හැම මිනිත්තු 4-5කට සැරයක්ම ඔහුගේ දේශණය මැද්දේ කියන මොනව හරි එකක් කියන්නේ ලමයින්ට හිනා යන විදියට.. ඒක තනි වාක්‍යක විහිලුවක්. ඒකෙන් ඔහු පන්තියේ ජීවය තියාගන්නවා.
ඔහු දේශනය කරන්නේ පන්තිය පුරා ඇවිද ඇවිද ලමයින්ගේ මූනවල් දිහා විටින් විට බලාගෙන . ඔහු නිතරම ලමයින් එක්ක ඇස් වලින් සම්භන්ධතාවය තියා ගන්න්නවා (eye contact). විනාඩි 15ක් -20ක් දේශණය කරල ඔහු දේශනය නැවැත්තුවා. ඊට පස්සෙ කිව්වා අපි දැන් කලින් සතියේ කියවගෙන ඉන්න කියපු චීනයේ ශැංහායි අධ්‍යාපන ක්‍රමයයි බර්ලින්ටන් අධ්‍යාපන ක්‍රමයි අතර සැසදීමක් කරමු කියල ඒක කණ්ඩායම් විදියට සාකච්ඡා කරල අදහස් කියන්න කියල. එහෙම කියනවත් එක්ක සහයක ඩැනී ගිහිල්ලා ඒ සකඡ්චාවේ අරමුණු සහ අපේක්ෂා කරන අරමුණු සුදු ලෑල්ලේ සටහන් කරනවා.
ලමයි ඉතිං මේ ක්‍රම දෙක ගැන සාකච්ඡ කරද්දි ප්‍රොෆෙසර් ඇවිල්ලා කණ්ඩායමෙන් කණ්ඩායම ගාවට යනවා. මගේ කණ්ඩායමේ ඉති මට කතා කරන්න බෑනේ. ඒත් ඔවුන් පක්ෂව සහ ප්‍රතිවිරුද්ධව කලිං කියවගෙන ආපු පර්‍යේෂන පත්‍රිකාවෙ කරුනු ගැන සැරට තර්ක කරනවා. ඩියෑන ටක් ගාල පර්‍යේෂන පත්‍රිකා දෙම වට්සැප් එකේ ශෙයා කරා.. මං උඩින් පල්ලෙන් කියවන්න හැදුවට එහෙම කියවල තර්කයක් ගොඩ නගන්න අමාරු බව තේරුම් ගත්තා. මං දැක්කා ඩියෑන වගේම අනෙක් ලමයො ඔවුන්ගේ පර්ඝනක තිර වල කලින් ඒ පර්‍යේෂන පත්‍රිකාව කියවල ගහගෙන තිබ්බ සටහන් බල බල තමයි තර්ක කරන්නේ. මේක අරම තිබ්බා.. මෙහෙම තිබ්බා…. අර රටේ මෙහෙම වුනා…. අනෙක් රටේ මෙහෙම වුනා කියල අදහස් දක්වනවා. විනාඩි 20ක් විතර දෙනවා ඔය තර්කකිරිල්ලට.
ඊට පස්සේ ප්‍රෙෆෙසර් එක එක කණ්ඩායමේ ලමයෙක්ට ඔවුන්ගේ තර්ක ගැන සාරංශයක් ඉදිරිපත් කරන්න කියනවා. ඒ තර්ක වලට ආයෙත් මහචාර්‍යතුමා අදහස් දක්වනවා. එතුමා අදහස් දක්වද්දි කොයි වෙලාවකවත් ඒ ළමයි කියපු දේවල් හරිද වැරදිද කියල නෙවෙයි කියන්නේ. එතුමා දකින කෝනය විතරයි කියන්නේ. සමහර ලමයි එතුමාගේ අදහසට එකගන නැති බව කියනවා. එකඟ නැති බව කියන්නේ අපේ අර රෑ 10ට පටන් ගන්න දේශපාලන සංවාදවල එකඟ වෙන්නේ නැති දේසපාලුවො කියන විදියට නෙවෙයි. විනීත සහ ගැබුරු තර්ක සහ උදාහරණ ගේන්නේ. විනාදි 20ක් විතර ඔය සාකච්ඡවට ලබා දීලා ආයෙමත් ප්‍රොෆෙසර් දේශණය පටන් ගන්නවා.
ඔය අතරෙදි සමහර ලමයි පන්තියේ කෑම කනවා. වතුර බොනවා. ටොයිලට් යන්න නැගිටල යනවා. ආයෙත් එනවා. කලින් යන්න ඕන අය නැගිටල බෑග් එකත් අරං පන්තියෙන් යනවා. යන අය පන්තියට බාදා කරන්නේත් නෑ. පන්තියෙන් ඒ ගොල්ලන්ට බාධාවකුත් නෑ. බොහොම නිදහස් පරිසරයක්. ආයෙත් විනාඩි 20ක් විතර දේශණය කරල දෙවැනි කණ්ඩායම් සාකච්චාවට යනවා. ලෙක්ටර් එක පටන් අරං පැය එකහමාරකට දෙකකට පස්සේ ප්‍රෙෆෙසර්ගේ දේශනය සහ සාකච්ඡාව අවසන් වෙනවා.
ඒ එක්කම සුදු පාට වයිට් නවීන පන්නයේ වයිට් බෝඩ් දෙක දෙපැත්තේ තියන ප්‍රොජෙක්ටර් දෙක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. දේශණයේ අවසාන කොටස තමයි අධ්‍යාපනය ගැන එදා ඉගෙන ගත්තු කොටසට අදාලව ඒ ගැන දැනුම තියන ප්‍රාමාණික විද්වතෙක් එක්ක කරන කෙටි ආරාධිත දේශණය සහ සාකච්ඡාව. ඒක වෙන්නේ අන්තර්ජාලය හරහා. එදා ඊට පස්සේ ප්‍රෙෆසර් ආරාධනා කරල තිබ්බේ සිංගප්පූරුවේ .National Education of Singapore වල මහාචාර්‍ය Pak Tee Ng මහත්මයා. මහාචාර්‍ය ෆර්නෑන්ඩු එතුමව හදුන්වල දීල මහාචාර්‍ය තුමා පළෙවෙනි ප්‍රශ්ණය අහද්දි තමයි මට තේරුණේ ඒ මහත්මය නිකං කෙලින්ම දේශණය ඉවර වෙන වෙලාවට පැරෂුට් එකෙන් බැහල නෙවෙයි ඇවිල්ල තියෙන්නේ මුලු දේශනයම මුල ඉදං අහගෙන ඉදල තියෙන්නේ කියල. Pak Tee Ng මහත්මය ල සිංගප්පූරුවේ අධ්‍යාපනය ගැන සහ එකි structure එක ගැන බොහොම නිහතමානී විදියට කිව්වා. එතුමා කරපු විනාඩි 7තේ කතාව කොච්චර රසවත්ද සහ කරුණු සහිතද කියල පැහැදිලි කරන්න තරං මං හිතන්නේ මගේ ශබ්දකෝෂය සහ මගේ අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ.
එච්චරට කරුණු, හාස්‍ය, කතන්දර සහ දිරිමත් කිර්‍රිමක් සහිතව point එකට අදහස් කියනවා. එතුමාගේ විනාඩි 7 කතාවේ කතාව එතුමා දෙපාරක් සාරාංශ කරා. විනාදි 4කට පස්සේ මුලින් කියපු ටික වාක්‍ය දෙකකිනුත් කතාව අවසානයේ ආයෙමත් මුලු කතාවමත් එක මිටට හරියට රස 7ක් තියන නෙල්ලි ගෙඩියක් වගේ එතුමා ඒක කිව්වේ. එතුමා කතා කරපු සිංගප්පූරුවේ අධ්‍යාපනය, ඔවුන්ගේ ගුරුවරුන් පුහුණු කරන විදිය, පඩිය තීරණය කරන විදිය වගේ දේවල් ගැන මේ ලිපියේ ලියන එක පාඩුයි. අධ්‍යාපනය decentralize කිරීම සහ Centralize කිරීම ගැන කතා කරා. ඊට පස්සේ ලමයි එතුමගෙන් ප්‍රශ්ණ අහනවා දිගට හරහට. එක ප්‍රශ්නයක් නෑර එතුමා උත්තර දෙනවා. මේ ප්‍රශණ සහ සාකච්ඡාව විනාඩි 40 විතර ගියාම ඉතිං වෙලාව දවල් 12ට කිට්ටුයි. ...
ඊට පස්සේ මහාචාර්‍ය තුමා Pak Tee Ng මහත්මයගෙන් ඇහුවා ඔබතුමාට අවසාන වශයෙන් කියන්න දෙයක් තියනවද කියලා. එතුමා බොහොම හැගීම්බර විදියට කිව්වා "අධ්‍යාපනය කියන්නේ හරියට ගස් හිටුවනවා වගේ වැඩක්. “අපි හිටවන ගස් වල හෙවන යට අපිට වාඩි වෙන්න හම්බ වෙන්නේ නෑ. ඒ ගස් වල හෙවන යට කවුරු වාඩිවෙයිද කියල අපි දන්නේත් නෑ. ඒ ගහේ හෙවන යට වාඩි වෙන්නේ කවුද කියල දන්නේ නැති නිසා සහ අපිට ඒ ගහේ හෙවන යට වාඩිවෙන්න බැරි බව අපි හොදටම දන්න නිසා තමයි අපි හදන ගස් ඇස්දෙක වගේ බලාගෙන සාත්තු කරන්න ඕන" කියල කියමින් එතුමා නිහඩ වුණා. සමහර ලමයි අත්පොලසන් දුන්නා. මං දැක්කා සමහර ලමයි කිහිප දෙනෙක් ඔවුන්ගේ අත් දෙක එකතු කරට heart එකක් හදල එතුමගේ කතාවට කොච්චර ආදරෙයිද කියල පෙන්නුවා.
දේශණයෙන් පස්සේ ප්‍රෙෆෙසට ස්තූති කරල මං ආවා. ප්‍රෙෆෙසර් කිව්වා ප්‍රශ්ණ අහන්න එපා කිව්වේ ඔයා එක දේශනයකට විතරක් එන නිසා ඒකෙන් පන්තියේ ගලායන එකට වෙනසක් වෙන්න පුලුවන් නිසයි ප්‍රශ්ණ මොනව හරි තියනව නං දැන් අහන්න කිව්වා. එතුමත් එක්ක ටික වෙලා කතා කරල ඩියෑනට සමු දීලා මං ආව. හවස මගේ මිත්‍රයා අසෝක Harvard Business School එකට සහ Harvard විශ්ව විද්‍යාලයේ පුස්තාකාලයට මාව එක්කන් ගියා.
ඒක ඇත්තටම වෙනම ලෝකයක්. ඉස්සර ඉදන් මට තිබ්බ ප්‍රශ්ණ සහ උණ හොද වුණා. සහ අනෙක් පැත්තෙන් අපි මෙහේ මොනවද කරන්නේ කියල හිතල උණ වැඩි වුණා. මං සරසවියට යන කාලේ අපි ලියන ප්‍රශ්ණ පත්තරේ පිළිතූරු පත්‍රය නැවත පුනරීක්ෂණය කරන්න කියලවත් ඉල්ලනවත් අවස්තාවක් තිබ්බේ නෑ. මට ඉස්සර ඉදන් තිබ්බ ප්‍රශ්ණය තමයි Harvard, Stanford, Corenell, Warwick වගේ විශ්ව විද්‍යාල වල ලමයි කොහොමද මෙච්චර හොද වෙන්නේ කියල. මං පස්සේ MIT එකටත් ගියා.. එකම කතාව. ඒ අය අධ්‍යාපනයේ සෙල්ලම කරන්නේ වෙනම ලෙවල් එකක. ඒක බොහොම නිදහස් සහ ඔලුව හැදෙන ලෝකයක්. මං හිතන්නේ නෑ ලෝකයේ හැම විශ්ව විද්‍යාලයක්ම සහ Harvard එකේ හැම දේශනයක්ම මේ වගේ කියල. මං ගියපු දේශනයට වඩා හොද දේශනත් ඇති. නරක ඒවත් ඇති ඒත් ඔවුන්ගේ ක්‍රමයේ අපිට වඩා ලොකු වෙනසක් තියනවා. ලංකාවෙත් Harvard එකෙන් ඉගෙන ගත්තු සහ ඒ වගේ ලෝක ප්‍රකට විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්තු අය ඕන තරම් ඉන්නවා. මගේ තනි දවසේ Harvard අත් දැකීමට වඩා දෙයක් එකතු කරන්න ඔවුන්ට පුලුවන්. සටහනේ අරමුණ වුණේ අපේ අධ්‍යාපනය ගැන සහ අපේ ක්‍රම ගැන නැවත හිතා බලන එක.
ආර්ථිකය, අධ්‍යාපනය සහ දේශපාලනය බොහෝ වෙලාවට එකට යන්නේ.. ආර්ථිකය හැදෙන්නේ අධ්‍යාපනය වටේ. හොද අධ්‍යාපන ක්‍රමයක් නැතුව ආර්ථිකය ගොඩ දානව කියන්නේ ඉතිං ටිකක් අමාරු වැඩක් මොකද වැඩි පඩියක් ලැබෙන රැකියා කරන්න හිතන්න පුලුවන් මිනිස්සු සහ ඒ මිනිස්සුන්ගේ කුසලතා දියුණු වෙන්න ඕන නිසා.
හැබයි ජීව්තය කියල කියන්නේ විශ්ව විද්‍යාලයට යන එක හරි Harvard යන එක හරි නෙවෙයි. ඊට වඩා පුලුල් දෙයක් කියලයි මගේ අදහස. ජීවිතේ කියල කියන්නේ එහෙම පුලුල් දෙයක් කියල අවබෝධ කර ගන්න පුලුවන් අධ්‍යාපනයක් තමයි අපිට ඕන.
"අධ්‍යාපනය කියන්නේ හරියට ගස් හිටුවනවා වගේ වැඩක්. අපි හිටවන ගස් වල හෙවන යට අපිට වාඩි වෙන්න හම්බ වෙන්නේ නෑ. ඒ ගස් වල හෙවන යට කවුරු වාඩිවෙයිද කියල අපි දන්නේත් නෑ. ඒ ගහේ හෙවන යට වාඩි වෙන්නේ කවුද කියල දන්නේ නැති නිසා සහ අපිට ඒ ගහේ හෙවන යට වාඩිවෙන්න බැරි බව අපි හොදටම දන්න නිසා තමයි අපි හදන ගස් ඇස්දෙක වගේ බලාගෙන සාත්තු කරන්න ඕන"
コメント