top of page
Search

ලෝකයෙ වාසනාවන්තම පුද්ගලයා

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Mar 18, 2022
  • 1 min read

ඕස්ට්‍රේලියානු ජාතික බිල් මෝගන් මේ ලෝකේ තවත් එක වාසනාවන්තම පුද්ගලයෙක් කිව්වොත් වඩාත් නිවැරදියි.

බිල්ගේ රැකියාව උනේ ට්‍රක් රථ රියදුරෙක් ලෙස සේවය කිරීම. වර්ෂ 1998 දි ඔහුගේ ට්‍රක් රථය ඉතා දරුණු අනතුරකට මුහුන පානවා. එයින් දැඩි ලෙස තුවාල ලබපු බිල් හදිසි හෘදයාබාදයකටත් ඉන් අනතුරුව ඔහුගේ හදවත නතර වීමත් සිදුවෙනවා.

මෙච්චර දෙයක් උන කෙනෙක් වාසනාවන්ත වෙනවද?

ඔව් එහෙම වෙන්න පුළුවන්.

සායනිකව මිනිත්තු 14ක් මියගොස් සිටි බිල් හදිසියේ නැවත පන ලැබුවත් තවත් සතියක් පමණ කෝමා තත්වයේ පසුවනවා. යන්ත්‍ර මඟින් ඔහුගේ පන අල්ලාගෙන සිටි බැවින් වෛද්‍යවරුන් ඔහුගේ ඥාතීන්ට උපදෙස් දුන්නේ ඔහුගේ යන්ත්‍ර ගලවා ඔහුට මෙම වේදනාවෙන් ගැලවිමට මාර්ගයක් ලබා දෙන ලෙසයි.

නමුත් ඉතාම පුදුම සහගත ලෙස දින දොලහකට පසු බිල්ට නැවතත් සිහිය ලැබුණු අතර ක්‍රමයෙන් පූර්ණ සුවය ලැබීමට හැකියාව ලැබුනා.

සුව උනාට පස්සේ ඒ පිළිබඳව බොහොම සන්තෝස උනු බිල් නිතරම කිව්වේ මේක දෙවියන් විසින් එයාට දීපු තැග්ගක් කියලා.

බොහොම ඉක්මනින්ම තමන්ගෙ පෙම්වතිය වුනු ලීසා වෙල්ස් එක්ක විවාහා ගිවිස ගන්නත් බිල් සූදානම් උනා.

ඔන්න දැන් තමයි කතාව…

විවාහ ගිවිසගත්ත දවසේ බිල් තිරණය කරනවා ඇත්තටම තමන්ට වාසනාව තියනවද කියලා උරගාලා බලන්න. ඉතින් විවාහා ගිවිස ගෙන ටික වෙලාවකින් ඔසු සූරන ලොතරැයියක් මිලදී ගන්නවා.

දන්නවද මොකද උනේ කියලා… බිල් ඩොලර් 27,000ක් වටින මෝටර් රථයක් එම ටිකට් පතින් ජයග්‍රහනය කරනවා.

මේක දැනගත්තු ඕස්ට්‍රේලියානු රූපවාහිනී සේවයක් බිල්ගේ කතාව රෑපගත කරන්න කල්පනා කරනවා. ඉතින් ඔවුන් ඇවිත් බිල්ගේ ජීවිත කතාවත් ඔහුගේ නව මෝටර් රථයත් සියල්ල සජීවිව විකාශනය කරනවා. ඉතින් මේ වැඩසටහන අතර තුර ඔවුන් බිල්ගෙන් ඉල්ලා සිටින්නේ තමන් මිලදීගත්තා වගේ තව ටිකට් පතක් මිලදී ගන්නා ලෙසයි. එය වීඩියෝ කර ගැනීමට ඔවුන්ට අවශ්‍ය උනා.

ඉතින් බිල් තවත් ටිකට් පතක් මිලදී ගෙන එය සුරා බැලුවා.

ටිකට් පත සූරපු බිල් පුදුම වෙලා රූපවාහිනී වැඩසටහනට කිව්වේ මොනවද දන්නවද?

“මං ඩොලර් 250,000ක සුපිරි තෑග්ග ජයග්‍රහනය කරලා”කියලා.

දෙන දෙයියෝ ගෙට ගෙනැල්ලා විතරක් නෙවෙයි උඩ පැන පැන දෙනවා කියලා පේනවා නේද…

-: උපුටා ගැනිමකි :-


ree

 
 
 

Comments


bottom of page