top of page
Search

වීදුරුව බිමින් තියන්න

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Mar 13, 2022
  • 1 min read

වතුර පිරවූ වීදුරුවක් තම අත මත තබාගත් මහාචාර්යවරයෙකු තම දේශනය ආරම්භ කළේය. සියල්ලටම පෙනෙන ලෙස වතුර වීදුරුව ඔසවා ගත් ඔහු මෙසේ පැවසීය..



“මේ වීදුරුවෙ තියෙන වතුර කොච්චර විතර බර ඇද්ද”


“ග්‍රෑම් 50ක්”

“ග්‍රෑම් 100 ක්”

“ග්‍රෑම් 125 ක්”

ලෙස සිසුන් පිළිතුරු දුන්නේය.


එම පිළිතුරු වලට මහචාර්යවරයා මෙසේ පිළිවදන් දුන්නේය.


“මාත් හරියටම දන්නේ නෑ මේ වීදුරුවෙ කොච්චර වතුර තියෙනවද කියල..ඒත් මට ඔයාලගෙන් එක දෙයක් දැනගන්න ඕනෙ.. මම මේ වතුර වීදුරුව මිනිත්තු කීපයක් මේ විදිහට අල්ලගෙන හිටියොත් මොනව වෙයිද..


“මුකුත් වෙන එකක් නැහැ”සිසුන් පිළිතුරු දුනි..


“හොඳයි එහෙනම් මම මේක පැයක් විතර මේ විදිහට අල්ලන් හිටියොත් මොකද වෙන්නෙ"


“සර්ගෙ අත රිදෙන්න පටන් ගනියි” සිසුන් නැවතත් පිළිතුරු දිනි.


“හරියටම හරි එතකොට මම මේ වතුර වීදුරුව දවසක් විතර අල්ලගෙන හිටියොත් මොකද වෙන්නෙ” මහචාර්යවරයා නැවතත් විමසීය.


“සර්ගෙ අත හිරි වැටිලා දරුණු ලෙඩක් උනත් හැදෙන්න පුළුවන් අනිවාර්යයෙන් ඉස්පිරිතාලෙක උනත් නවතින්න වෙයි”

කටකාර සිසුවෙක් පැවසූ විට සියළුදෙනා සිනාසුනි.


"හරිම හොඳයි.එතකොට මේ හැම වෙලාවකම වීදුරුවෙ බර වෙනස් වුනාද.."


“නැහැ”සිසුන් පිළිතුරු දිනි.


“එහෙනම් අතේ කැක්කුමක් හැදිල මට ඉස්පිරිතාලෙ නවතින්න වෙන හේතුව මොකක්ද..”


සිසුන් ගොලුවිය.පසුව එක් සිසුවෙක් හඬගා මෙසේකීය.


“සර් ඔය වීදුරුව අල්ලන් ඉන්න නිසා තමා එහෙම දෙයක් වෙන්නෙ..ඒක නිසා වීදුරුව බිමින් තියන්න”


“හරියටම හරි.


ජීවිතේට එන ප්‍රශ්නත් මේ වගේ තමයි...

මිනිත්තු කිහිපයක් ඔලුව ඇතුලෙ තිබ්බහම අපිට ඒක දරාගන්න පුළුවන්..

ඒත් ඒවා පැයක් විතර ඔලුව ඇතුළෙ තියාගත්තාම රිදෙන්න ගන්නව..

තවත් කාලයක් තියාගත්තාම රිදෙන එක වැඩි වෙනව.. අන්තිමට මුකුත්ම කරගන්න බැරි වෙනවා ඔයාලගෙ ජීවිත වලට එන ප්‍රශ්න ගැන හිතන එක වැදගත්.

ඒත් ඊට වඩා වැදගත් දවස අවසානයේ නින්දට යද්දි ඔබ ඒ ප්‍රශ්න හිතින් අහක් කරගන්න එක..


මතක තියාගන්න.

අපි හැකි හැමවෙලේම “වීදුරුව බිමින් තියන්න” ඕනෙ...


උපුටා ගැනීම -

Sandaya Batugahage පිටුවෙන්

 
 
 

Comentários


bottom of page