top of page
Search

ස්වයංසිද්ධ මිනිස් දහනය

  • Writer: Lakshan Gunawardhana
    Lakshan Gunawardhana
  • Feb 4, 2022
  • 1 min read

ඇහුවෙත් අදයි..!

ස්වයංසිද්ධ මිනිස් දහනයක් යනු, පැහැදිලි කළ නොහැකි දුර්ලභ සිද්ධීන්ය.

මෙහිදී ගින්නට හේතුවන බාහිර ප්‍රභවයක් නොමැතිවම මිනිස් සිරුර ගිනි ගැනීමට ලක්වේ.

මේවැනි සිදුවීම් බොහෝ ප්‍රමාණයක් වාර්තා උවත් ඒවායින් බොහොමයක් මේ කාණ්ඩයට අයත් නොවන ඒවායි.

එවැනි සිදුවීම් වලට බොහොමයක් හේතූන් වී ඇත්තේ ඉටිපන්දම් හෝ සිගරට්ය.

මෙවැනි සිදු වීම් වලට බොහෝ විට මුහුණපා ඇත්තේ වයස්ගත පුද්ගලයන් වීමද විශේෂත්වයකි.

මෙයද ස්වයංසිද්ධ මිනිස් දහනයක් පිළිබඳව කතාවකි.

වර්ෂ 1951 ජූලි 02 දා ෆ්ලොරීඩා ප්‍රාන්තයේ පීටර්ස්බර්ග්හි මහල් නිවාසයක වාසය කල 67 හැවිරිදි මේරී රීසර් නම් කාන්තාව සිය කාමරය තුලදී සම්පූර්ණයෙන්ම පිලිස්සී මියගොස් සිටියදී සොයා ගැණුනි.

ඒ පිළිබඳව පොලීසියට දැනුම් දී තිබුණේ ඇගේ නිවසේ සේවය කළ මෙහෙකාරිය ජූලි 02 දා උදෑසම සිය ස්වාමි දියණියගේ නිවසට පැමිණ තිබුණේ රැකියාව සඳහාය.

නිවසට ඇතුළු වීමට පෙර දොරෙහි වූ අගුල ස්පර්ශ කිරීමේදී ඇයට දැඩි රස්නයක් දැනී ඇත.

පසුව ඇය නිවසට අැතුළු වන විට දැක ඇත්තේ තම ස්වාමි දියණිය වාඩිවන පුටුවේ දැවී ගිය කොටසක් සහ ඒ අසළ වූ දැවී ඉතිරි වූ පාද යුගලකි.

වහාම ඇය මේ පිළිබඳව පොලීසියට දන්වා ඇත.

එහිදී පැමිණි ගිනි නිවන හමුදාවට සහ පොලීසියට ඇගේ පාද, කොඳු ඇට පෙලේ කැබැල්ලක් සහ හිස්කබලේ කැබැල්ලක් පමණක් සොයා ගැනීමට හැකි විය.

ඒ අසළ තිබී තරමක් දුරට පිලිස්සී ගිය ප්ලාස්ටික් කැබලි කිහිපයක් සහ පාපිස්සක කොටසක්ද හමු වූ අතර ඒ අසළම තිබී ගින්නෙන් නොදැවුණු පත්තර පිටු කිහිපයක්ද හමු විය.

FBI නියෝජිතයන් සහ ප්‍රාන්ත පොලීසිය කොතරම් උත්සාහ කළ මෙය සිදු වූයේ කෙසේදැයි හෙළි කරගැනීමට නොහැකි වී තිබුණි.

අනතුරුව මෙය ස්වයංසිද්ධ මිනිස් දහනයක් ලෙස සළකා විමර්ශනය අවසන් කරන ලදී.

උපුටාගැනීමකි විස්තරයේ ගෞරවය #Mr. Knowledgeට


 
 
 

Comments


bottom of page