top of page

හකු දියවී වැටෙන තුරු විකිරණශීලි ජලය (Radioactive water) පානය කල Eben Byers

Writer's picture: Lakshan GunawardhanaLakshan Gunawardhana

20 වන ශතවර්ෂය කියන්නෙ වෛද්‍ය යුගයෙ පර්යේෂණාත්මක අවධියක්. එම අවධියෙදී සමහර රෝගයන් වලට වෛද්‍යවරුන් නිර්දේශ කරනු ලැබුවෙ කොකේන්, හෙරොයින් වැනි ප්‍රභල මත්ද්‍රව්‍යන්. වර්තමානයෙදිත් සමහර පුද්ගලයින් වේදනා නාශකයන් විදියට ප්‍රභල මත්ද්‍රව්‍ය භාවිතා කරනව ඔයාලා දකිනව ඇති.

රේඩිතොර්( Radithor) වල ඉතිහාසය බැලුවොත් වෛද්‍යවරුන් නිර්දේශ කල විෂ ද්‍රව්‍ය අතරින් වඩාත් කැපී පෙනුනේ රේඩිතොර් හෙවත් ජලය සමග සම්බන්ධ කල (ඉතා විකිරණශීලී) රේඩියම් ය.

සිනහවට කරුණ නම් එය නිශ්පාදනය කර නිකුත් කරන විට "ජීවත්වන මළවුන්ට ප්‍රතිකාරයක් " ලෙසින් එය ප්‍රචාරනය කිරීමයි.

නිව් ජර්සි හි බේලි රේඩියම් රසායනාගාර විසින් මෙම ඖෂධය නිෂ්පාදනය කරන ලද අතර එම සමාගම ආරම්භ කර තිබුනේ විලියම් ජේ ඒ බේලි විසින්. ඔහු හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ සේවය කල නමුත් පසුව ඉවත් වූ නිසා ඔහු සහතික ලත් වෛද්‍යවරයකු නොවීය. ඔහු දිගටම මිනිසුන්ට පැවසුවේ තමා උපාධිය ලබා ගත් නිසා සියලු දෙනා ඔහුව විශ්වාස කළ යුතු බවයි.

පර්යේෂනයන් වලදී රේඩිඇක්ටිව් අධික මාත්‍රාවකින් පුද්ගලයෙකු මරා දැමිය හැකි නමුත් ඉතා කුඩා මාත්‍රාවක් ජලයෙන් හොඳින් ආස්රැත කළ හැකි බවත් ඔවුන් දැන සිටියා.

Eben Byers උපත ලබන්නේ 1880 අප්‍රේල් 12 වෙනිදායි. ඔහු 1900 ගණන්වල මුල් භාගයේ බොහෝ රන් ශූරතා දිනාගත් මලල ක්‍රීඩා තරුණයෙකි. 1927 දී, ඔහුගේ එක් තරඟයක් අතරතුර ඔහුගේ අත පැටලී තුවාල වූ අතර තුවාලය ඉතා නරක නොවුවත් එය බෙහො වේදනාවක් ඇති කලේය. පසුව බයර්ස් ප්‍රතිකාර සදහා ගිය අතර එහිදී වෛද්‍යවරුන් වේගවත් සුවය සදහා රේඩියොතර් නියමකෙරුණි.

වට්ටෝරුව දිනකට කුඩා හැන්දක් පමණක් ලෙස නියම කෙරුණු අතර කෙටි කාලයක් තුල බයර්ස්ට විශාල සහනයක් ලැබුණි. එනිසාම ඔහු සතියකට පමණ පසු දිනකට බෝතලයක් හා වසරකට පමණ පසු දිනකට බෝතල් දෙක තුන පවා ගැනීමට පුරුදු විය.

1931 දී ඔහුගේ හකු ගැලවී වැටුනු අතර විකිරණශීලී ජලය අධික ලෙස පානය කිරීම නිසා ඔහුගේ පටක සහ ඇටකටු ඇතුළතින් දියවී විය.

1927 ඔහු ප්‍රථම වරට Radithor ගැනීම ආරම්භ කළ අවස්ථාවේ සිට 1931 දී එය නවත්වන තෙක් බියර්ස් බෝතල් 1,400කට වඩා පානය කර තිබුණි. මෙතරම් ප්‍රමාණයකින්, ඔහුගේ ශරීරය තුළ ඔහුගේ අත්‍යවශ්‍ය පටක සහ ඉන්ද්‍රියයන් ද දියකරන ලද අතර එය ඔහුගේ ඉක්මන් මරණයට හේතුවිය.



2 views

Commentaires


bottom of page